ඉ කුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකළ විමර්ශනවලට අනුව දෙහිවල ප්‍රදේශයේ නිවෙසක තිබී හමුවූ ත්‍රස්තවාදීන්ට අයත් යැයි සැලකෙන ඇමෙරිකානු ඩොලර් 23...
ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකළ විමර්ශනවලට අනුව දෙහිවල ප්‍රදේශයේ නිවෙසක තිබී හමුවූ ත්‍රස්තවාදීන්ට අයත් යැයි සැලකෙන ඇමෙරිකානු ඩොලර් 23,500ක මුදල නීත්‍යනුකූලව මුද්‍රණය කළ ඇමෙරිකානු ඩොලර්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය මහ බැංකුවේ ප්‍රධාන කළමනාකරු වෙත ඊයේ (15දා) නියෝග කළාය.
සිදුකළ විමර්ශනවලට අනුව දෙහිවල ප්‍රදේශයේ මෙම නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම ඇමෙරිකානු ඩොලර් 23,500ක මුදලක් සොයාගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වා සිටියේය. සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ පුහුණුව ලබන ඥාතීන් දෙදෙනකු එම දෙහිවල නිවෙසේ පදිංචිව සිට ඇති බවත් දැනට සිරියාවේ සිටින ඔවුන් දෙදෙනා එම සල්ලි ශ්‍රී ලංකාවේ සිටින තමන්ට පරිස්සම් කරගෙන තබා ගන්නා ලෙස කියා ඇති බවත් එම දෙදෙනාගේ පියා වන එම නිවෙස හිමිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් කර ඇති බවද එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
එම පැමිණිලි කිරීමෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් එම දෙහිවල නිවෙස පරීක්ෂා කිරීමේදී ඇමෙරිකානු ඩොලර් 23,500ක මුදලක් සොයාගත් බව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියේය.
හංසි නානායක්කාර

COMMENTS