ජා ත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු පිතිකරුවෙකු මෙන්ම පුහුණුක...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු පිතිකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට දූෂණ චෝදනා එල්ලකර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔවුන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය වෙනුවෙන්.
පසුගිය වසරේදී පැවැත්වූ T 10 ක්‍රිකට් තරඟාවලියේදී පුහුණුකරුවන් ලෙස එම තරඟාවලියට එක්වෙමින් දූෂණ ක්‍රියාවන් සඳහා මොවුන් සම්බන්ධ වූ බවටයි චෝදනා එල්ලවන්නේ.
මෙම චෝදනා ගොනුකර ඇත්තේ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුදලට තරංගා පාවාදීම සඳහා තමන්ට එල්ලවූ බලපෑම් පිළිබඳව ස්වේච්ඡාවෙන් හෙළිදරව් කරන ලෙස කළ ඉල්ලීමට පසුවයි.
මෙම දෙදෙනා මෙම කාලසීමාවේදී හෙළිදරව් කර නොමැති බවටයි වාර්තා වන්නේ.
නුවන් සොයිසා හට දූෂණ මර්ධන පනතේ වගන්ති හතරක් යටතේ චෝදනා එල්ලකර ඇති අතර අවිශ්ක ගුණවර්ධනට වගන්ති දෙකක් යටතේ චෝදනා එල්ලකර තිබෙනවා.
නුවන් සොයිසාහට දැනටමත් තාවකාලික තරඟ තහනමක් පනවා ඇති අතර අවිශ්ක ගුණවර්ධනටද වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
මොවුන් දෙදෙනාට නිදහසට කරුණු කීමට සඳහා මැයි මස 9 වනදා සිට දින 14 කාලයක් ලබාදී තිබෙනවා.

COMMENTS