දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Hizbullah
Homeප්‍රවෘත්ති

Hizbullah

PropellerAds

ම ඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා...

තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝඨාභය හෙලි කරයි
24% සජිත්ගෙන් තවත් පැය 24 කතාවක්.. මං ජනාධිපති වූ පසු පැය 24ම ෂිෆ්ට් ක‍්‍රමයට වැඩ කරනවා - සජිත්
සියළු කලා ශිල්පීන්ගේ සහාය ගෝඨාභයටයි..- ශ්‍රියන්ත මෙන්ඩිස්‌
ඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.


වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා යැයි කීම, පට්ට බොරුවක් බව ප්‍රකාශ කල පරණවිතාන මහතා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කල ආයතනය අමාත්‍යාංශයට නොදන්වා විශ්ව විද්‍යාලයක් බවට මාරු කරගෙන තිබෙන බවද අවධාරණය කළේය.

මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ මැදිහත්වීම කෙබදුද යන්න පිළිබදව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වු කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය.

ශරියා විශ්වවිද්‍යාලයක් කියලා දැනට ඔය මඩකළපුවෙ හදලා තියන ගොඩනැගිලිවල තවම විශ්වවිද්‍යාලයක් පටන් අරන් නෑ. ඒ පිළිබඳව විස්තරේ මෙහෙමයි. මෙම ස්ථානයේ මූලික වශයෙන් ආරම්භ කරලා තියෙන්නෙ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. පුද්ගලික අංශයට අපේ රටේ නීතියේ හැටියට විශ්ව විද්‍යාලයක් පටන් ගන්න පුළුවන්. ඒ නීතිමය තත්ත්වය යටතේ 2014 වර්ෂයේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් එක්ක අවබෝධතා ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. හිරා ෆවුන්ඩේශන් කියන ආයතනයයි, මේ සදහා මූලික වෙලා තියෙන්නෙ.  මෙම ආයතනයේ නායකත්වය දරන්නෙ ඒ එල් එම් හිස්බුල්ලා මැතිතුමායි. හිස්බුල්ලා මැතිතුමාගේ හිරා පදනම සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය  අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. වසර තුනකටයි අවබෝධතා ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ.

වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ජාතික වෘත්තිය සුදුසුකම් 05 සහ 06 මට්ටමේ පාඨමාලා හැදෑරීම සදහා විශ්ව විද්‍යාල විද්‍යායතන ආරම්භ කළා. මෙයින් 05 ක් ආරම්භ කළේ පෞද්ගලික ආයතනත් සමග. මේ කියන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ශිල්පී, ප්‍රමාණ සමීක්ෂණ හා තොරතුරු තාක්ෂණය හැදෑරීමේ පාඨමාලා 03 ක් සහිතව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා. වසර 03 කටයි ගිවිසුම අත්සන් කරල තිබෙන්නේ. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් විශ්වවිද්‍යාලය කියන සංකල්පයට මේ අය මාරුවෙලා තිබෙනවා. ඒක අමාත්‍යාංශයට දන්වලා නෑ. ඒ විශ්වවිද්‍යාලයේ උගන්වන පීඨ ගණනාවක් ඒ අය අඳුනගෙන තිබෙනවා.  නීති පීඨය, වෛද්‍ය පීඨය, මානව ශාස්ත්‍ර පීඨය ආදී වශයෙන්. ඒ අයගේ ශරියා විශ්වවිද්‍යාලය කියන එකට මේ අමාත්‍යාංශය කිසිම සම්බන්ධයක් නෑ. ගෝලීය ත්‍රස්තවාදය අපේ රටට ඇවිත් තිබෙනවා. මේ විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පහසුවෙන් සලකන්න හොඳ නෑ.

දැනට හඳුනාගෙන තිබෙනවා, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් වැඩි දෙනෙක් ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය බව. මේ අය අපේ රටේම පාසල්වලට ගිය අය. ඒ අයගේ මොළ සේදීමකට ලක්වෙලා තිබෙනවා. ඒ දේ වෙලා තිබෙන්නේ වහාබ් වාදයේ ඉගැන්වීම් වලින්. අපේ අධ්‍යාපන ආයතනවලින් නොවෙයි. අපේ අධ්‍යාපන ආයතනවල අපි කල්පනා කරලා තිබෙනවා උගන්වනවාට අමතරව ඒ අය දිහා විමසුම් ඇසින් බලන්න. ඒ අයගේ ජීවිත ගැනත් උනන්දුවෙන් කටයුතු කරලා ඔවුන් නොමඟ නොයන ආකාරයේ වැඩසටහනක් සම්පාදනය කරන්න කටයුතු කරනවා යැයිද ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Hizbullah
Hizbullah
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhptMbxbf7jBAF313MXT_5HCDIprMtaCZC_zRXHXazTmo9E-vhduYykBzagar1fBEjmJHRXSuALHRAzI8J3_t3S0YBCRjcvPeezT3X5ANmVvF2LQ9P1CNkFcA2uDsQXpWcpqWwtTgAb2lqw/s320/hisbull.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhptMbxbf7jBAF313MXT_5HCDIprMtaCZC_zRXHXazTmo9E-vhduYykBzagar1fBEjmJHRXSuALHRAzI8J3_t3S0YBCRjcvPeezT3X5ANmVvF2LQ9P1CNkFcA2uDsQXpWcpqWwtTgAb2lqw/s72-c/hisbull.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/hizbullah.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/hizbullah.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy