දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝඨාභය හෙලි කරයි
Homeප්‍රවෘත්ති

තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝඨාභය හෙලි කරයි

PropellerAds

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මහර, කඩවත පැවැති ජන රැළියේදී අදහස් දැක්...

බටලන්ද වාර්තාව ඊළඟට මැතිසබේට
මහින්දගේ හෝමාගම ජන රැලිය - සජීවි විකාශය
ජවිපෙ අවසන් ජන රැලිය - සජීවි විකාශය
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මහර, කඩවත පැවැති ජන රැළියේදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා.

ගරුතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ සමස්ත සමාජය තුළින් මතුවුනු ස්වභාවික මහජන යෝජනාවට ගරු කරමින් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස මා තෝරා පත් කර ගත්තා. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රමුඛ එ්කාබද්ධ විපක්ෂය ”පොහොට්ටුව” ලකුණ යටතේ මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින්නේ සහෝදර පක්ෂ රැුසක සහ ස්වදේශිකවාදී බහුජන සංවිධාන රැසක එකතුවකින් සැදුම්ලත් ඉතිහාසයේ පුළුල්ම දේශපාලන පෙරමුණ ලෙසයි.

ගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ මෙරට අති බහුතර ජනතාව මා කෙරෙහි තබා ඇති විශ්වාසය අනුව අපේ උරුමයන් රැුකගෙන සියළු පුරවැසියන්ට සමඟියෙන් ජීවත් විය හැකි, ආර්ථික සෞභාග්‍ය පිරි සුරක්ෂිත අළුත් රටක් නිර්මාණය කිරීමේ ජාතික අභිලාෂය ඉටු කිරීමේ වගකීම මම අධිෂ්ඨානයෙන් යුතුව භාරගන්නවා.

ආරක්ෂිත විනය ගරුක සමාජයක් බිහි කිරීම අපේ ප‍්‍රධාන අරමුණක්. අපි ආදර්ශමත් විය යුතුයි. අද තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. යහපත් කළ යුතුයි. අපිට ආවේගශිලීව හෝ පටු අරමුණු වෙනුවෙන් හෝ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හෝ ක‍්‍රියාකරන්න්ට බෑ. ආවේගශීලිව විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණ වලට ගොදුරු වෙලා අශෝභන ලෙස හැසිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැති බව අවධාරණය කල යුතුයි.

අපිත් සමඟ එක්වී සිටින සෑම පක්ෂයක්ම අපට එක්වෙලා තියෙන්නේ අපේ ප‍්‍රතිපත්ති නිසයි. අද ආරුමුගන් තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කොංග‍්‍රසයත් අපිට සහාය දෙන්න තීරණය කරලා. නොවිසදුනු ප‍්‍රශ්නවලට විසදුම් අපි සැලසුම් කරපු නිසයි ඔවුන් අපිට එකතු වෙන්නේ. අපිට පැහැදිලි ජනතා හිතවාදී දර්ශනයක් සහ ජනතාව නගා සිටුවීමේ සැලැස්මක් අපිට තියන නිසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල ශක්තියක්. 60% සිට 72% දක්වා අපේ බලය වැඩි කර ගන්නට ඔවුන් නිසා අපට හැකි වනවා. අපි ඔවුන්ව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ඒස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාත් ඞී. ඒ.රාජපක්ෂ මහතාත් ආරම්භ කල පක්ෂයයි. 1956 දී ජනතා විප්ලවය කල පක්ෂය. අපි අපි භුක්ති විදින ජනතා හිතවාදී ප‍්‍රතිපත්ති විශාල ප‍්‍රමාණයක් රටට හදුන්වාදුන් පක්ෂයයි. මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් මේ රටේ ජනාධිපති වුනු පක්ෂයයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ප‍්‍රමුඛත්වය දෙනවා.

රටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත‍්‍රනය බල ගන්වනවා.එ් හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා. බුද්ධි අංශ වලට නිසියාකාරව ක‍්‍රියා කිරීමට බලතල සහ නීතිමය ආරක්ෂාව ලබා දෙනවා.

නව ලිබරල්වාදීන්ගෙන් පිරුණු ඇමති මණ්ඩලයක් තිබෙන විජාතික අරමුණු ඉටුකරන රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ජාතික ආරක්ෂාව තරකරන්නටත් ජාතිකත්වයට ගරු කරන්නටවත් බෑ, මහර ඔබ බුද්ධිමත් ජනතාවක්. ඔබ දන්නවා විසි ඒක්වෙනි ශතවර්ෂය කියන්නේ ඥානය මුල් වූ ශතවර්ෂයක්. අපේ ආර්ථික සැලැස්ම පදනම් වී ඇත්තේ දැනුම මූලික වූ ආර්ථිකයක්. අපි සෑම විටම මිනස් සම්පත කෙරෙහි විශ්වාසය තබනවා. එ් මතයි අපේ සැලසුම් පදනම් වෙලා තියෙන්නේ.

තොරතුරු තාක්ෂණය හා පරිඝනක තාක්ෂණය මුල් කරගෙන අපේ ආර්ථිකය නගා සිටුවන්නටත් හොද වේතනයක් ලැබෙන රැකියා විශාල ප‍්‍රමාණයක් නිපදන්නටත් පුළුවන්.අපි රජයක් ලෙස මීට අවශ්‍ය යටිතල පහසුකම් සැපයිමටත් සහ විවිධ බාධක ඉවත්කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය අපි ලබා දෙනවා.

ඒ වගේම ඊට අවශ්‍ය නිපුනතාවයක් තිබෙන මිනිස් සම්පත් ලබා දීම රජයේ වගකීමක්. එ් සදහා අපේ අධ්‍යාපනය සකස් කළ ගත යුතුයි. මගේ පළමු වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. අද තරුණ තරුණියන්් මේ අධ්‍යාපනයේ වරදින් අතරමං වෙලා. සෑම වසරකම උසස් පෙලට ඉදිරිපත් වෙන අයගෙන් ලක්්ෂ දෙකක් විතර විශ්ව විද්‍යාලයට සමත් වුවත් 35000යි විශ්ව විද්‍යාලයට යන්නේ. උසස් පෙල සමත් සියලූම ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති කරනවා. තාක්ෂන’ක විද්‍යාල හරහා රැකියාවලට සුදුසු, ආර්ථිකයට සුදුසු රැුකියා සදහා, හොද වේතනයක් සහිත රැුකියවන් ලබා දෙන්න අපි පියවර ගන්නවා. තරුණයින්ට අතරමං වෙන්න අපි ඉඩ තියන්නේනැහැ. තාක්ෂණවය මුල් වූ ආර්ථීකයක් හරහා රට ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. පරිගනක ක්සේත‍්‍රයේ සමාගම් ඩොලර් බිලයනයක් පමණ මෙරටට ගේනවා. මෙය ඩොලර් බිලියන 3ක් පමණ කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් නිපුණත්වය සහිත පිරිස් නැතිකම ඊට බාධාවක්. අපි එ් සදහා මැදිහත්ව තරුණ තරුණියන්ට අවශ්‍ය නිපුණත්වය ලබා දෙනවා.

එ් වගේම රටේ සුරක්ෂීතභාවය නැති වීම නිසා සංචාරක ක්ෂේත‍්‍රය කඩා වැටිලා. අපි මේ රට සංචාරකයින්ට සුදුසු රටක් බවට පත් කරනවා. කෘෂිකර්මාන්තය මේ රජය අමතක කරලා. අපේ ඉතිහාසය සංස්කෘතිය දෙස බැලූවාම හොද වාරිමාර්ග පද්ධතියක් අපිට තිබුණා. මේවා අද විනාශ වෙලා. අපේ දුප්පත් ගොවියා ජිවත් කරවීමට අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතායක් තිබෙනවා. රට ස්වයංපෝෂිත කිරීමටත් ගොවියා ජිවත් කරවිමටත් අවශ්‍ය පියවර ගන්න අපි සූදානම්. තවමත් අපේ රටේ දිලිදු ජනතාව සිටිනවා. රටක් සංවර්ධනය වෙන්වා කියන්නේ සමාජයේ එක කොටසක් සංවර්ධනය විම නෙවෙයි. රටේ කිසියම් කොටසක් දුප්පත් නම් සැබෑ සංවර්ධනයක් වෙලා නැහැ. අපි සියලූ දෙනා දිලිදු බවින් මුදා ගැනීමට ජනතා හිතවාදි ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.

ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම ඔබ වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට බැදී සිටිනවා.

– GR midea


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝඨාභය හෙලි කරයි
තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝඨාභය හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKSBTWuVV8ezsfd7_oCL4iB7ha0VmUvaLt4fBruOZZWRZ_UNgGQ0yc93rJwHh8yqQy_WjUBdVNqYTVOCgwssTYk7sv9namWPbdqePtvJW9YjuTlmJWBkDHPkbSpxPIg6nnQ7mnSSbt6nBI/s320/gota-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKSBTWuVV8ezsfd7_oCL4iB7ha0VmUvaLt4fBruOZZWRZ_UNgGQ0yc93rJwHh8yqQy_WjUBdVNqYTVOCgwssTYk7sv9namWPbdqePtvJW9YjuTlmJWBkDHPkbSpxPIg6nnQ7mnSSbt6nBI/s72-c/gota-4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_282.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_282.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy