කු රුණෑගල ශික්ෂණ රෝහලේ දොස්තර අතින් සිංහල කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්ව ඇත්නම් ඔවුන්ට රජය වහාම වන්දි ගෙවිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දොස්තර අතින් සිංහල කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්ව ඇත්නම් ඔවුන්ට රජය වහාම වන්දි ගෙවිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියයි. එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත්නම් එය මහත් අසාධාරණයක් බව පැවසූ රාජපක්ෂ මහතා රජය මුලින් කළ යුත්තේ ඒ මවුවරුන්ට වන්දි ගෙවීම බව, ගුවන්තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ සාමාජිකයන් හා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ පෙරේදා (27) සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත කියා සිටියේය.
ඔවුන් විපක්ෂ නායකවරයා මුණ ගැසුණේ පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරයෙන් පසුව තමන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමටය.
ක්ෂේත්‍රය මුහුණ පා ඇති බරපතළ අර්බුදය තුළ ගුවන්තොටු පොළ ආශ්‍රිතව සංචාරක මාර්ගෝපදේශන සේවාවේ නිරතව සිටින තම සාමාජිකයන් ද මහත් ගැටලුවකට මුහුණ පා ඇති බව ඔවුහූ එම සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්හ.
විශේෂයෙන් ගුවන්තොටුපොළ වෙත මාසිකව ගෙවිය යුතු වාරිකය මෙන්ම තමන්ගේ මෝටර් රථවල ලීසිං වාරික ද ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවත් මෙම සංගමයේ නියෝජිතයෝ මෙහිදී රාජපක්ෂ මහතා වෙත අවධාරණය කර තිබේ.
වර්තමාන රජය යටතේ සංචාරක කර්මාන්තය මෙන්ම රටේ අනෙකුත් සියලු ක්ෂේත්‍රයන් ද දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මෙම සංගමයේ ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බවට ද පොරොන්දු වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රන්න රණතුංග, ගාමිණි ලොකුගේ, පියංකර ජයරත්න, සිසිර ජයකොඩි, සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ සභාපති අජිත් රාමනායක, ප්‍රධාන ලේකම් අසංක ගොඩකුඹුර ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

COMMENTS