ව සර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්...
වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ ජනාධිපති විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බැවින් ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් අධිකරණයේ නඩු පවරන බවයි. එමෙන්ම ජනාධිපතිවරයාගෙන් එම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් තමන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කළාය.
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ ඊයේ දිනයේ පූර්ණ නිදහස් කිරීමක් සිදු කරනු ලැබීය.

COMMENTS