ම ඩකලපුවේ ඉදිකර ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය උපාධි ප්‍රදානය කරන ආයතනයක් වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගැසට් කර නොමැති නිසා එය රජයට පවර...
මඩකලපුවේ ඉදිකර ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය උපාධි ප්‍රදානය කරන ආයතනයක් වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගැසට් කර නොමැති නිසා එය රජයට පවරා ගැනීමේ හැකියාවක් නීත්‍යානුකූලව නොමැති බව එම ආයතනයේ හිටපු සභාපති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පවසයි.
මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයතනයක් බැවින් එය පවරා ගැනීමේ අයිතියක් රජයට නොමැති බව අවධාරණය කළ ඒ මහතා සයිටම් ආයතනය එසේ ගැසට් කර තිබුණු බැවින් එය පවරා ගැනීමට ආණ්ඩුවට හැකිවූ බවත් පෙන්වා දුන්නේය.
එහෙයින් වහාම මෙම ආයතනය උපාධි ප්‍රදානය කරන ආයතනයක් වශයෙන් ගැසට් කරන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ ඒ මහතා ඉන් පසුව රජයට පවරා ගැනීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවයි සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම විශ්වවිද්‍යාලය ශාරියා නීතිය හෝ ඉස්ලාම් ඉගැන්වීම් සිදු කරන ආයතනයක් නොවන බවත් තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් මෙහි ඉගැන්වීමට බලාපොරොත්තු වන විෂයන් 09ක් පිළිබඳ දැනුම් දී ඇති බවත් එහි කොතැනවත් ශාරියා හෝ ඉස්ලාම් ඉගැන්වීම් ගැන සඳහනක් නොමැති බැවින් මෙය ශාරියා විශ්වවිද්‍යාලයක් බවට ගෙනයන ප්‍රචාර අසත්‍ය බවත් හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.
එහෙත් හිස්බුල්ලා මහතා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණු ලිපියෙහි විෂයන් අතර ශාරියා නීතිය සහ ඉස්ලාම් අධ්‍යාපන පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි පැහැදිලිව සඳහන් කර තිබිණි.

COMMENTS