''මුස්ලිම් ජනතාවට හිරිහැර කරලා හිත් රිදවන්න එපා. මොකද එය අතිශ්‍යයින්ම නරක ප්‍රථිපල ගෙන ඒමට ඉඩ තියෙනවා.'' යයි පිවිතුරු හෙල උ...
ඔහු එබව කියා සිටියේ, එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද සඳහන් කලේය.
''1983 ජූලි කලබලය දෙමළ ත්‍රස්තවාදය පෝෂණය වීමට ලොකු රුකුලක් වුණා. අපි ඒවායෙන් පාඩම් ඉගෙන ගෙන මුස්ලිම් අන්තවාදය පිළිබඳ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. දෙමළ බෙදුම්වාදි ත්‍රස්තවාදයට දෙමළ සමාජයෙන් සැලකිය යුතු සහයෝගයක් තිබුණා.
නමුත් මුස්ලිම් අන්තවාදයට දේශපාලන රැකවරණය තිබුණත් සාමාන්‍ය මුස්ලිම් ජනතාව බහුතරයක් විරුද්ධයි.
ආරක්ෂක අංශ කියන විධියට මෙතරම් වේගයෙන් අපට ත්‍රස්තවාදින් අවි ආයුද බුරුතු පිටින් අල්ලා ගන්න ලැබුණේ මුස්ලිම් සමාජයෙන්ම ලැබුණු ඔත්තු නිසා.
කබීර් හසීම් ඇමතිතුමාගේ ලේකම් වෙඩි කෑවේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ඔත්තු දුන්නු නිසා. මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි.
අපි සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා. සිංහල ජනතාව අතරමං කරන්න දෙන්නේ නෑ. මේ සටන අද සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතාම ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න කියන ඉල්ලීම අප සිංහල ජනතාවගෙන් ඉල්ලනවා.
ඒ වගේම සාමාන්‍ය මුස්ලිම් ජනතාව අපේ පැත්තේ තබා ගන්න කටයුතු කරන්න කියලා අපි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මුස්ලිම් සමාජයෙන් කරන්න ඉල්ලීමක්:
මට මුස්ලිම් සමාජයෙන් කරන්න ඉල්ලීමක් තිබෙනවා. ඇවිලෙන ගින්නට පිදුරු දාන අසාත් සාලි සහ රිෂාඩ් බදුරුදීන් වැනි අන්තවාදි දේශපාලකයින් මේ දිනවල පුළුවන් තරම් මාධ්‍ය වලින් ඈත් කරලා තබන්න.
ඒ වෙනුවට සිංහල සමාජය ගරු කරන ජනාධිපති නීතිඥ අලි සබ්රි වැනි නායකයින් ඉදිරියට ගේන්න.
ඒ වගේම මෙ අන්තවාදීන් ලූලා නැති වලේ කණයා පන්ඩිතයා ලෙස හැසිරෙද්දී මුස්ලිම් සමාජයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අන්තවාදියෙක් කියලා කවුරුවත් චෝදනා කරන් නෑ. ඔහු මේ අවස්ථාවේ ඉදිරියට පැමිණිලා මුස්ලිම් සමාජයට නායකත්වය දිය යුතුයි.
කතෝලික සමාජයට කාදිනල්තුමන් ලබාදෙන නායකත්වය වගේ අපි බලාපොරොත්තු වෙනවා මුස්ලිම් සමාජයට රාවුෆ් හකීම් මහතා නායකත්වය ලබාදෙයි කියලා. ඔහු ඉදිරියට එන්නැති වුනාම තමයි මේ කනයෝ ඇවිල්ලා මේ ප්‍රශ්න අවුල් කරන්නේ.
ඒ වගේම මුස්ලිම් කටයුතු ඇමතිට මෝඩ කතා කියලා මිනිස්සු අවුසන්න එපා කියන්න. මුස්ලිම් කටයුතු ඇමති කියනවා පල්ලියේ කඩු තිබෙන්නේ පල්ලිය වටේ තිබෙන කෑලේ කපන්නලු. කොම්පඤ්ඤ වීදියේ පල්ලිය අවට ආසාවට තණකොල ගහක් නෑ. එතකොට ඒ පල්ලියෙන් හමු වුණු කඩු වලින් කපන්නේ කෙස් ගස් ද?
එතකොට ඩෙටනේටර තියාගෙන ඉඳලා තිබෙන්නේ හපන්න බැරි පරණ අග්ගලා පුපුරන්නද? ඒ නිසා මේ සමාජය කම්පනයට පත්වෙලා ඉන්න අවස්ථාවේ මෙවැනි මෝඩ කතා කියලා ජනතාවට අනවශ්‍ය උසිගැන්වීම් කරන්න එපා කියලා අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමන්ටත් අනතුරු අගවනවා.''

COMMENTS