යු ද්දය අවසන් වී වසර10 ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ ආත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම හෙට (...
යුද්දය අවසන් වී වසර10 ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ ආත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම හෙට (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමුරුම් ස්මාර්කය ඉදිරිපිටදී සිදු කෙරෙන බවට මුල්ලිවයික්කාල් වැසියන් පවසනවා.
2009 මැයි මස 18 වනදා කොටි නායක ප්‍රභාකරන් ආරක්ෂක හමුදා ප්‍රහාරයන් හමුවේ මිය යාමෙන් පසුව යුද්දය අවසන් වුවද එදින සිට සෑම වර්ෂයකම මැයි 18 වනදාට අවසන් යුද්දයෙන් මිය ගැය වැසියන් සිහි කිරීම මුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී සිදු කෙරුනා.
මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම සංවිධානය කිරීම සඳහා මුල්ලිවයික්කාල්හි වැසයන් විසින් කමිටුවක් පත් කොට ඇති අතර එම කමිටුවට ආගමික නායකයින් මෙන්ම යාපනය විශවවිද්‍යාලයේ සිසුන්ගේද සහය ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් රටේ පවතින අයහපත් වාතාවරනයත් සමග මෙවර මුල්ලි වයික්කාල් සැමරුම උත්සවාකාරයෙන් සිදු නොකරන අතරම මුල්ලිවයික්කාල් වැසියන් ඇතුලු යුද්දයෙන් මිය ගිය වැසියන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද යුද සැමරුමේ සංවිධායක කමිටු සාමාජිකයින් පවසනවා.
මේ අතර යුද්දයෙන් මිය ගිය සාමාන්‍ය වැසියන් සමරා ඔවුන් වෙනුවෙන් මල් පහන් දැල්වීමක් වවුනියාවේ දින 817ක් පුරාවට සත්‍යග්‍රහයක නිරතව සිටින යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් අද (17) දින මුලතිව් වට්ටුවාක්කල් පාලම අසලදී සිදු කරනු ලබනවා.
මුලතිව් ශෂිකුමාර්

COMMENTS