දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්
Homeප්‍රවෘත්ති

බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්

PropellerAds

බැඳුම්කර සිදුවීමට අදාළ පාර්ලිමේන්තු වාර්තාවේ ඉදිරි කි‍්‍රයාමාර්ග දෙස රටම බලා සිටින බවත් ආණ්ඩුව වරදකරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවට සැකය...

ඩොලර් බිලියන 5ක ණය වාරිකයක් ගෙවන්න වෙනවා! මේ විදිහටම ගියොත් රට ආපහු බංකොලොත් වෙන්න පුළුවන්! ජවිපෙන් වෙන්වුණු පෙරටුගාමීන් ජනාධිපති අනුරට පිටු 13ක ලියුමක් යවමින් කල්තියා ලොකු අනතුරු ඇඟවීමක් කරයි!
මේක ගජමිතුරු ආණ්ඩුවක්… අනුරගේ යාළුවන්ගෙන් ආයතන පුරවලා…! – දයාසිරි…
බැසිල් ඇමරිකාවේදී අසනීප වේ..
බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්

බැඳුම්කර සිදුවීමට අදාළ පාර්ලිමේන්තු වාර්තාවේ ඉදිරි කි‍්‍රයාමාර්ග දෙස රටම බලා සිටින බවත් ආණ්ඩුව වරදකරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවට සැකයක් තිබෙන බවත් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී, කොප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(26) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

කෝප් කමිටුව පූර්ණ පරීක්ෂණ යාන්ත‍්‍රණයක් නොවුණත් බැලූබැල්මටම මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇති බවත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනය බැඳුම්කර ගනුදෙනුවෙන් අයුතු ලාභයක් විශාල ලෙස උපයාගෙන තිබෙන බව ඔප්පු වී තිබෙන බවත් පැවසූ හඳුන්නෙත්ති මහතා ඔවුන්ගේ මූල්‍ය වාර්තා අනුවත් ඒ  බව පැහැදිලි බවද සඳහන් කළේය.

එහිදී කෝප් සභාපතිවරයා මෙසේද පැවසී ය.

“පසුගිය ඔක්තෝබර් 28 මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව හමුවේ තබනු ලැබුවා. මේ පිළිබඳව මේ වනතුරු පාර්ලිමේන්තුවේ විවාදයක් සිදුවී නැහැ. අයවැය විවාදය නිසා සාධාරණ කාලයක් වුණා. කොහොම වුණත් දැන් මෙම වාර්තාව පාර්ලිමේන්තුව සතු ලේඛනයක්. එම නිසා පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ, මේ පැනනැගුණු කරුණු සම්බන්ධයෙන් සියලූ මහජන නියෝජිතයින්ට විවෘත සංවාදයක් සිදුකර ගන්න අවස්ථාවක් හදලා එම වාර්තාවේ නිර්දේශයන්, විගණකාධිපති වාර්තාවේ ඇති නිර්දේශයන් ක‍්‍රියාවට නැගීම පිළිබඳ කඩිනම් යාන්ත‍්‍රණයක් සකස් කිරීමයි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සැලකිය යුතු තොරතුරු ප‍්‍රමාණයක් මේ වාර්තාවේ අඩංගුයි. 

මෙහි නිර්දේශ 16ක් තිබෙනවා. එහි හරය ලෙස තිබෙන්නේ මෙම බැදුම්කර වංචාව නිසා රටට සිදුවූ පාඩුව වගකියයුතු පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතුයි. මෙවැනි මුල්‍ය අපරාධයක් රජයට සිදුකිරීමට වගකිවයුත්තෙක් ලෙස අපි හිටපු මහ බැංකු අධිපතිවරයා සහ ගනුදෙනුවට ඍජුව සම්බන්ධ වූ නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ගයන් ගත යුතුයි. මින් ඉදිරියට සිදුවන බැඳුම්කරවලදී සිදුවීම වැළැක්වීම සඳහා ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් අපි යෝජනා කර තිබෙනවා. ඒ සඳහා පාර්ශවන් කිහිපයක් ඉන්නවා. මුදල් මණ්ඩලය නියෝජනය කරන මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, (නිලධාරීන්ට සහ තැරුව්කාර සමාගමකට වංචාවක් සිදුකිරීමට ඉඩලැබුණේ මහ බැංකුවේ යාන්ත‍්‍රණයේ යම් අඩුපාඩුවක් නිසානම් එය සොයා බැලිය යුතුයි.) මහබැංකුව අධීක්ෂණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය, විධායකය ලෙසගත යුතු කි‍්‍රයාමාර්ග අපි යෝජනා කර තිබෙනවා.“ 

“නමුත් අපට පෙනෙන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යන බවකුයි. එහි අනුකාරක සභාවල වාර්තා සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා. මේ වන තෙක් පාර්ලිමේන්තුව කෝප් වාර්තාව සාකච්ඡා කිරීමට දිනයක් යොදා ගෙන නැහැ. ඒ නිසා තමයි මම පසුගියදා කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළේ පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායකතුමා කඩිනමින් පළමු පාර්ලිමේන්තු සැසිවාරය තුළම ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස. යම් හෙයකින් මෙම ක‍්‍රියාවලිය ප‍්‍රමාදවුවහොත් එසේ වන්නේ ඇයිදැයි ජනතාවට සැකයක් ඇතිවිය හැකියි. මේ නිසා තමයි, කෝප් වාර්තාව නිකුත් වීමෙන් පස්සෙ 2016.11.09වැනිදා අපි පක්ෂයක් විදිහට ගතයුතු කඩිනම් ක‍්‍රියාමාර්ග විදිහට යෝජනාවලියක් රට හමුවේ තැබුවේ. මේ බැඳුම්කර ගනුදෙනුවේ වරදකරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට අපට සැකයක් තිබෙනවා. “ යැයිද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

බැඳුම්කර ගනුදෙනුවේදී වංචාව ඔප්පු වී හමාරයි 

“අපි ආණ්ඩුවට කියන්නේ එළඹෙන නව වසරේ පාර්ලිමේන්තුවේ ප‍්‍රමුඛ පළමු කටයුත්ත හැටියට මෙම ගනුදෙනුව පිළිබඳ වාර්තාවට අදාළ විවාදය ගත යුතුයි. මේ වාර්තාවේ අයිතිය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අග‍්‍රාමාත්‍යවරයා විසින් මේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. ඔහුට ඒ පිළිබඳව නීතිමය වශයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග වෙනම කරුණක්. අපි විශ්වාස කරන්නේ මේ වාර්තාව ගැන තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේ නීතිපතිවරයාට නොව පාර්ලිමේන්තුවටයි. නීතිපතිවරයාගෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගත යුතුදැයි තීරණය කළ යුත්තේද පාර්ලිමේන්තුවයි. කෝප් කමිටුව පූර්ණ පරීක්ෂණ යාන්ත‍්‍රණයක් නොවුණත් බැලූබැල්මටම මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇති බවත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනය බැඳුම්කර ගනුදෙනුවෙන් අයුතු ලාභයක් විශාල ලෙස උපයාගෙන තිබෙන බවත් ඔප්පු වී තිබෙනවා. ඔවුන්ගේ මූල්‍ය වාර්තා අනුවත් ඒ  බව පැහැදිලියි. මේ නිර්දේශයන්ට පදනම්වන සියලූ ලේඛන මේ වාර්තාවේ අඩංගුයි. “ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්
බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්
http://ift.tt/2i7gxB1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_377.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_377.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy