රණවිරුවන්ගේ වටිනාකම මේ රටේ ජනතාවට වඩාත්ම දැනෙන අවස්ථාවකයි මෙම රණවිරු සැමරුම් උත්සවය පවත්වන්නේ යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා 18 පස්...
එල් ටී ටී ඊ ත්‍රස්තවාදයෙන් රට මුදවාගෙන දස වසරක් පිරීම නිමිත්තෙන් මෙම රණවිරු සැමරුම් උත්සවය දිලුම් අමුණුම පදනම මඟින් සංවිධානය කර තිබිණි. යුද්ධයේදී මියගිය රණවිරුවන්ට පිං පැමිණවීම හා ඔවුන් ස්මරණය කරමින් වසරක් පාසා දිලුම් අමුණුගම පදනම මෙම උත්සවය පවත්වනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,
රණවිරුවන්ගේ වටිනාකම මේ රටේ ජනතාවට මතක් වෙලා. අවුරුදු 10 ට පෙර අපට ලබාදුන් නිදහස සමහරුන්ට දැන් අමතක වෙලා. රණවිරුවන් හිරයට දමද්දී අපි කණගාටු වුණා. ඔවුන්ගේ වීරත්වය පහළ දමන්න කටයුතු කළා. ඔවුන් අගය නොකළ නිසා වුන පාඩුව අපි පසුගිය දවස්වල දැක්කා. රණවිරුවන් ඔවුන්ගේ ජීවිත පූජා කළේ අපි වෙනුවෙන්. ඔවුන් ඉපදුන මාතෘභූමිය වෙනුවෙන් ඔවුන් මියගියාම මිහිදන් කරන්නෙ භූමිය වෙනුවෙන්. ඒ නිසා අපි හැමදාම ඔවුන්ව අගය කළ යුතුයි. අද තමන්ගේ රාජකාරී පසෙක දමා මෙම ස්ථානයට පැමිණ ඔවුන් සිහිකිරීමට එක්වන සැමට මම ස්තුතිවන්ත වෙනවා. දයාබර මෑණිවරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි යුද්ධයේදී මියගිය ඔබගේ ඥාතීන් හැමදාම මේ රටේ ජනතාව සිහිපත් කරනු ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වේඩරුවේ උපාලි මහ නාහිමියන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, සී බී රත්නායක, තේනුක විදානගමගේ, රොෂාන් රණසිංහ, ඩී වී චානක, අනුරාධ ජයරත්න, ආනන්ද අළුත්ගමගේ, සරත් වීරසේකර, හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්
COMMENTS