අ ධිකරණයට අපහාස කළේ යැයි එල්ල වු චෝදනාවන්ට වරදකරු කරමින් වසර හයක සිරදඬුවමකට යටත් කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ මහ...
අධිකරණයට අපහාස කළේ යැයි එල්ල වු චෝදනාවන්ට වරදකරු කරමින් වසර හයක සිරදඬුවමකට යටත් කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපති කාර්යාලය විසින් බන්ධනාගාරයෙන් කැඳවා තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේ කළ දැන්වීම අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රහස් වාර්තාවක් ජනාධිපති කාර්යාලය වෙත යවා තිබේ.
ඥානසාර හිමියන්ගේ සිරදඬුවමට අදාලව බන්ධනාගාරගතව සිටි සිටිය යුතු කාලය, දැනට ගෙවා ඇති කාලය, සිර දඬුවම නියම වූ දිනයේ සිට මේ දක්වා කාලයේ දී සිරගෙදර තුල උන්වහන්සේගේ හැසිරීමක් ආදිය ඇතුලත් සමාලෝචන වාර්තාව ජනාධිපති ලේකම්වරයා විසින් කැඳවා තිබිණ.
ඥානසාර හිමියන් මේ වනවිට යොදවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහල් උපස්ථායක රාජකාරියේය.
ජනාධිපති කාර්යාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ලද්දේ ඉදිරි දින කිහිපය ඇතුලත ඥාණසාර හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවයි.
-lankacnews

COMMENTS