එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සංසදයක් ආරම්භ කිරීමට ඊයේ (09) සාකච්ඡා කර තිබෙනවා. කොළඹ දී පැවති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු න...
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සංසදයක් ආරම්භ කිරීමට ඊයේ (09) සාකච්ඡා කර තිබෙනවා.
කොළඹ දී පැවති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති ආසන සංවිධායකවරු 79ක් සහභාගිවී ඇති බව වාර්තා වනවා.
රුපියල් ලක්ෂ දෙකක වටිනාකමක් ඇති නිවාස ණය 200 බැගින් සංවිධායකවරුන්ට ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී සඳහන් කර තිබෙනවා.
මෙම රැස්වීම හදිසියේම කැඳවා තිබූ බවයි ඊට සහභාගිවූ ආසන සංවිධායකවරුන් සඳහන් කළේ.
COMMENTS