බො දු බල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියන්ට වෙසක් මාසය අවසන් වන්නට පෙර ජනාධිපති පොදු සමාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්ය...
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියන්ට වෙසක් මාසය අවසන් වන්නට පෙර ජනාධිපති පොදු සමාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඉකුත් වෙසක් දා ජනපතිවරයා ඥානසාර හිමියන් බැහැ දැකීමට බන්ධනාගාර රෝහලට ගොස් සිටි අතර එහිදී ඔවුන් අතර රහස් කතා බහක් ද සිදුව තිබිණි.
කෙසේවුවද, ජනාධිපතිවරයා රැඳවියන්ට නිදහස ලබා දී ඔවුන් යළි වැරදි කළ හොත් තමාට බැණුම් ඇසීමට සිදුවන බව ද පසුගියදා රැඳවියන් නිදහස් කිරීමේ උත්සවයේදී පවසා ඇත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම ඊලක්ක කර ගනිමින් බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
මේ අතර, ඥානසාර හිමි හා ජනපති අතර සාකච්ඡාවේදී ජනපතිවරයා අදාල කරුණ සම්බන්ධයෙන් එහිමියන් සමඟ ද සාකච්ඡා කර තිබේ.
මේ අතර, පසුගිය පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධනය් පරීක්ෂණ කිරීමට පත්කර ඇති ජනපති කොමිසමේ සාමාජිකයන් ද තමා හමුවට පමුණුවන ලෙස ඥාණසාර හිමියන් එම හමුවේදී ඉල්ලා ඇති බව වාර්තා වේ.
එහිමියන් එම ඉල්ලීම කර ඇත්තේ අදාළ සිද්ධියට පෙර බොදු බල සේනා සංවිධානය ජාතික තවුහිත් ජමාත් හා ISIS සංවිධාය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ තොරතුරු දැනුම් දීම සඳහා බවද පැවසේ.
ඥානසාර හිමි නිදහස් නොකළොත් උත්ඝෝෂණ
මේ අතර, වෙසක් පොහොය දිනට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් නොකළාහොත් 18 වැනිදායින් පසුව ජනාධිපතිවරයාට විරුද්ධව මහානායක සංඝරත්නය පෙරටුකරගත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පසුගිය 09 වැනිදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද මේ අතර වාර්තා වේ.

COMMENTS