දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති අරුන්දික ප්‍රනාන්දු නිතීය අතට ගනියි – ව්‍යාජ ගුවන් බලපත්‍රවලින් ආ චීන ජාතිකයින්ව රට ඇතුළට ගනියි
Homeප්‍රවෘත්ති

ඇමති අරුන්දික ප්‍රනාන්දු නිතීය අතට ගනියි – ව්‍යාජ ගුවන් බලපත්‍රවලින් ආ චීන ජාතිකයින්ව රට ඇතුළට ගනියි

PropellerAds

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් ...

කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි - බැසිල්
මීගමුවේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය වැළදුණු හැටි අභිරහසක් : පවුලේ 16 දෙනෙක් නිරෝධායනයට
කොරෝනා සමාජයේ පැතිරීමේ මට්ටමේ… ආසාදිතයන් සිය දහස් ගණනක් එකවර මතුවීමේ අවදානමක්
කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා, කටුනායක ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීම සදහා “රදවා තබා ගැනීමේ” කුටියක රදවා තබා සිටියදී අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ලිඛිත ඉල්ලීම මත ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා විසින් දෙන ලද උපදෙස් මත මොවුන් නිදහස් කර රට තුළට ඇතුළු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.

ඉකුත් 18 දින රාත්‍රී 09.50 ට මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එසේ ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් පැය දෙකකට පමණ පසුව ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සදහා නිශ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් හමුවට පැමිණි ඇති අතර එහිදී මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා අප්‍රිකාවේ “ගිනි” රාජ්‍යයේ කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

මොහු ඩුබායි සිට කටුනායක දක්වා පැමිණීමට භාවිතා කර  ඇත්තේ ද එම ගුවන් ගමන් බලපත්‍රයයි.

එහෙත් කටුනායක ගුවන් තොටුපළේ දී එම ගුවන් ගමන් බලපත්‍රය එහි ජීව දත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මොවුන් තිදෙනා එක්ව ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙනවා.

එහිදි ආගමන විගමන නිලධාරීන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර එම ගුවන් සේවා ” රැදවුම් කුටිය ” වෙත ආපසු  පිටුවහල් කිරීම සදහා යොමු කර තිබුණා.

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබූ අතර මෙම ගුවන් මගීන් අල්ලස් දීමට ද තැත් කර තිබූ බවට ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

පසුව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත  කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා පෙරේදා (20) අලුයම 01.00 ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සදහා නිදහස් කර තිබෙනවා.

මේ ආකාරයට ගුවන් තොටුපළ තුළ සහ එහි වැසිකිළි තුළ සැඟවෙමින් කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර මත ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම පිළිබඳව ආගමන විගමන නිලධාරීන් සිය මවිතය පළ කර සිටිනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති අරුන්දික ප්‍රනාන්දු නිතීය අතට ගනියි – ව්‍යාජ ගුවන් බලපත්‍රවලින් ආ චීන ජාතිකයින්ව රට ඇතුළට ගනියි
ඇමති අරුන්දික ප්‍රනාන්දු නිතීය අතට ගනියි – ව්‍යාජ ගුවන් බලපත්‍රවලින් ආ චීන ජාතිකයින්ව රට ඇතුළට ගනියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIfMSNXjFWNAWPEY2Rucugh_kc6XZNlyIU8arVES-1gCIObphRwdXFzgP9WgpxwFaPHgWjTanr7bpif98EFPoy22n4bHYTfwkCBgUr6Ma0XoqWBLgrpAb2YbTr2NiMaoKnyN9mHbV2axB6YBh0uYckHD1WpnQGE5pe0EiTLufiOg6NCiS7zjuubQ/s320/arundika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIfMSNXjFWNAWPEY2Rucugh_kc6XZNlyIU8arVES-1gCIObphRwdXFzgP9WgpxwFaPHgWjTanr7bpif98EFPoy22n4bHYTfwkCBgUr6Ma0XoqWBLgrpAb2YbTr2NiMaoKnyN9mHbV2axB6YBh0uYckHD1WpnQGE5pe0EiTLufiOg6NCiS7zjuubQ/s72-c/arundika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy