මෙ රට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම් කිහිපයක් ඇතුළුව ප්‍රධාන සමාගම් කිහිපයක් පසුගිය කාලයේ අන්තවාදය පැතිරූ නාලිකා කිහිපයකට...
මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම් කිහිපයක් ඇතුළුව ප්‍රධාන සමාගම් කිහිපයක් පසුගිය කාලයේ අන්තවාදය පැතිරූ නාලිකා කිහිපයකට වෙළඳ දැන්වීම් ලබාදීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමග අදාල නාලිකා වල සේවය කළ සේවක සේවිකාවන්ට ස්ථාන මාරු ලබාදීම හෝ ඔවුන් ඉවත් කිරීමට එම නාලිකා ප්‍රධානීන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
මේ තත්වයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නිවේදක නිවේදිකාවන්ට හා වැඩසටහන් නිෂ්පාදකයින්ට බවද පැවසේ.
ඉදිරියේදී එම නාලිකාවල ඉහල කළමනාකාරිත්වය තමන්ට දැන්වීම් අහිමිවීම වලක්වා ගැනීමට කෙටි කාලයකට සිය කාර්යමණ්ඩලයට ස්ථාන මාරු සිදු කරන බව දැන්වීමට ද සූදානමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
මේ වන විට මුදල් අමාත්‍යාංශයේ දැන්වීම් ද අන්තවාදී මත ප්‍රචාරය කරන නාලිකාවලට ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබේ.
දැන්වීම් ලබාදීම අත්හිටුවා ඇති ඇතැම් ප්‍රධාන සමාගම් වලින් එම නාලිකාවල ඉහළ කළමනාකාරිත්වය තම කාර්යමණ්ඩලය අනුදැනුමකින් තොරව අන්තවාදී මත වපුරා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සමාව දෙන ලෙස ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

COMMENTS