අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) දිනයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වනු ඇති බව ආණඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ කොන්දේසි 05ක් මතය...
අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) දිනයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වනු ඇති බව ආණඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ කොන්දේසි 05ක් මතය.
සිය කාර්ය මණ්ඩලය තවදුරටත් තබා ගැනීම හා බැදුම්කර කොමිසමේ කටයුතු මාස 03කින් අවසන් කිරීම ද එම කොන්දේසි අතරට ඇතුළත් බව එම ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (09) පැවති සාකච්ඡාවේදී රවී කරුණානායක අමාත්‍යවරයා එම කොන්දේසි ඉදිරිපත් කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉකුත්දා මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දෙනු ලැබුවේ බැදුම්කර කොමිසමේ අනාවරණ වූ කරුණු ද පදනම් කර ගනිමිනි.
COMMENTS