වි ශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු හා හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැර...
විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු හා හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැර / ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ද අහිමි වී ඇති බව වාර්තා වේ.
ප්‍රවීන මාධ්‍යවේදී ඩී.බී.එස්. ජයරාජ් (D.B.S.Jeyaraj) මහතා සිය වෙබ් අඩවියෙන් මේ පිළිබඳව අනාවරණය කර තිබේ.
මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ පුරවැසියෙකු මෙන්ම එක්සත් ජනපදයේද පුරවැසියෙකු විය.
රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම තත්ත්වය වෙනස් වී ඇතැයි ද එහි දැක්වේ.
ඉකුත් අප්‍රේල් 17 වැනිදා රාජපක්ෂ මහතා, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයට ගොස් එහි ප්‍රධානියා වන පිලිප් වෑන් හෝර් මහතා ඉදිරියේ එක්සත් ජනපද නීතිය අනුව පුරවැසිභාවය අත්හිටුවීමට දිවුරුම් දී ඇති බවද එහි දක්වා තිබේ.
ඇමරිකානු ආගමන හා ජාතිකත්ව පනතෙහි (34) (a) (5) වගන්තිය හා (8 USC 1481 (a) (5)) වගන්තිවලට අනුව එක්සත් ජනපද පුරවැසිභාවය ස්ව කැමැත්තෙන් අත්හිටුවන විදෙස් රටක සිටින්නකු එක්සත් ජනපද තානාපති කාර්යාලයක් හෝ කොන්සියුලර් කාර්යාලයකදී එක්සත් ජනපද කොන්සියුලර් හෝ රාජතාන්ත්‍රික නිලධාරියෙකු ඉදිරියේ දිවුරුමකට අත්සන් කළ යුතු වන බවද ජයරාජ් මහතා හෙළිකර ඇත.
රාජපක්ෂ මහතා එම අවශ්‍යතාව අනුව කටයුතු කර ඇති හෙයින් ඔහුට සිය එක්සත් ජනපද පුරවැසිභාවය අහිමිව මෙන්ම එහි ජාතිකත්ව සහතිකයද අහිමිවී තිබේ.
ඒ මහතා පුරවැසි භාවය ප්‍රතික්ෂේප කිරීමේ කටයුතු සඳහා 2019 මාර්තු මස 6 වැනිදා ද ඇමරිකානු කොන්සියුලර් අංශයේ රැස්වීමක් සඳහා සහභාගිවී ඇති බව පැවසේ.

COMMENTS