ක ලබලකාරී කණ්ඩායම් විසින් මිනුවන්ගොඩ පිහිටි ජුම්මා ප්‍රධාන දේවස්ථානයටත් නගරයේ කඩසාප්පු වලටත් පහර දී තිබෙන්නේ ආරක්ෂක අංශ බලා සිටියදී බව කර්ම...
කලබලකාරී කණ්ඩායම් විසින් මිනුවන්ගොඩ පිහිටි ජුම්මා ප්‍රධාන දේවස්ථානයටත් නගරයේ කඩසාප්පු වලටත් පහර දී තිබෙන්නේ ආරක්ෂක අංශ බලා සිටියදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ කුමන ආගමක හෝ අන්තවාදීන් සිටීනම් ඒ සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු කළ යුතු මිස වාර්ගික කලකෝලාහල ඇති කරගැනීම කිසිදු පුද්ගලයකුගේ යුතුකමක් නොවන බවයි.
ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇත්තේ ඇති නම් රජය ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කරයි.
මිනුවන්ගොඩු ජුම්මා ප‍්‍රධාන දේවස්ථානයෙන් නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇත්තේ ඇති නම් රජය ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කරයි.
මිනුවන්ගොඩු ජුම්මා ප‍්‍රධාන දේවස්ථානයෙන් නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS