අ යෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස යකඩ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමල වරායෙ ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඇමැති මලික් සමර...
අයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස යකඩ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමල වරායෙ ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඇමැති මලික් සමරවික්‍රම මහතා කර ඇති ඉල්ලීමක් වරාය ඇමැති සාගල රත්නායක මහතා විසින් ඊයේ (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මලික් සමරවික්‍රම හා සාගල රත්නායක අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ වාදයක ද පැටලී ඇති බව පැවසේ.
දෙදෙනා අතර වචන හුවමාරු සිද්දවෙද්දි ‘‘පවුලේ ප්‍රශ්නයක් .. ගෙදරදීම විසඳ ගත්තනම් හොදයි ..'' යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද වාර්තා වේ.
යකඩ කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රීතව ආරම්භ කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉඩම් කොටසක් ඉල්ලා ඇති අතර එය ලබා දිය නොහැකි බව සාගල රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව පැවසේ.
මේ අවස්ථාවේ ආයෝජන අඩු බැවින් එම ඉඩම ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස හා මංගල සමරවීර යන ඇමැතිවරුන්ද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි, සාගල රත්නායක ඇමැතිවරයාගේ විරෝධය හේතුවෙන් කැබිනට් සංදේශය අනුමත නොවූ බවද එම ආරංචි මාර්ග කියයි.
කොන්තරයට හේතුව
මේ අතර මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ අදාළ කෝන්තරයට හේතුව මලික් ඇමතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නායකත්වයේ වෙනසක් සිදු කිරීමට කාළය එළඹ ඇති බවට කරන ලද ඉල්ලීම බවයි. එහිදී ඔහු ජනප්‍රිය නායකයකුට පක්ෂ නායකත්වය දෙන්නැයි ඉල්ලා ඇති බවද පැවසේ.
ඩිජිටල් මිඩියා නැගෙණිය යටතට !
ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය, අගමැතිවරයා ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන බවට දැඩි ස්ථාවරයක සිටින බවත්, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ඩිජිටල් මිඩියා මෙහෙයුම සිය නැගෙණිය වන ශානිකා වික්‍රමසිංහ මහත්මිය වෙත පවරා ඇති බව වාර්තා කර තිබේ.
මීට පෙර වික්‍රමසිංහ මහතා එම වගකීම බාරදී තිබුණේ ඔහුගේ සොයුරු නිරාජ් වික්‍රමසිංහ මහතාටය.
එසේම, අමාත්‍ය අකිල විරාජ් මහතාගේ සමිපතයකු වන තුෂාර වන්නිආරච්චි මහතා ද වහාම ක්‍රියාත්මක වන පරිදි අරලියගහ මන්දිර සමාජ මාධ්‍ය ඒකකයෙන් ඉවත්කර ඇතැයි ද එම වෙබ් අඩවියේ දැක්වේ.
ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා මහත්මියට අගමැතිවරයාගේ ඉදිරි මැතිවරණ රාජකාරිවල මාධ්‍ය මෙහෙයුම පවරා ඇති බවත්, සමන් අතාවුදහෙට්ටි මහතා මාධ්‍ය ආවරණ කටයුතු වලට සීමා කර ඇති බවට ද පැවසේ.

COMMENTS