ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාධාරණ හේතු නොදන්වා තමා අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාධාරණ හේතු නොදන්වා තමා අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස් බාගනිමින් සිටින බවත්, ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේනඩු පැවරීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පොලිස්පති නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරගෙන සිටින බවත් අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයකු ඉවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකර,පොලිස්පතිවරයා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කිරීමට ජයසුන්දර මහතා අදහස් කර ඇති බවටද වාර්තාවේ.
එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පොලිස්පතිවරයා ලෙස සිදු කළ කාර්ය භාරය පිළිබඳව යමෙකුට ප්‍රශ්නයක් ඇති නම් ඒ පිළිබඳව අදාළ නිල තොරතුරු ඒ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට සූදානම් බවද පැවසේ.
මේ වන විට ඔහු වෙනුවෙන් යොදවා තිබූ යතුරුපැදි ආරකෂකයන් ඉවත්කර ඇති අතර ලබාදී තිබූ සහායක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද ඉවත් කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

COMMENTS