මු ස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණ ගැනීම අවශ්‍ය නොවන බවට මව්ලවිවරයෙකු සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අද...
මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණ ගැනීම අවශ්‍ය නොවන බවට මව්ලවිවරයෙකු සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසන්නේ එවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට හැකියාවක් තිබුණේ නම් ජනාධිපතිවරයා මැදිහත් වන තුරු මුස්ලිම් සංවිධාන එවැනි කි‍්‍රයාමාර්ගයක් නොගත්තේ ඇයිද යන්නයි.
නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ වැඩි දුරටත් කියා සිටියේ "දැන් එතුමා කියන්නේ ඔවුන්ගේ සමාජයෙන් මේක කරන්න ඕනේ කියලා.. මේ සිද්ධි වෙලා සතියකින් පස්සේ තමයි ජනාධිපතිවරයා හදිසි නීතිය යටතේ මේ රෙගුලාසි පනවන්නේ. ඔවුන් සතියක් යනතෙක් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කලේ නෑ. දැන් ජනාධිපතිවරයා මේ කර්යය කරාට පස්සේ ඒක අභියෝගයට ලක් කිරීම සුදුසු කාරණයක් නොවේ." යනුවෙනි.
මෙවැනි ප‍්‍රකාශ දිගින් දිගටම සිදුකරමින් හදිසි නීතිය යටතේ ගන්නා වූ කි‍්‍රයාමාර්ග දැඩි විවේචනයකට හෝ අභියෝගයකට ලක් කරන්නේ නම් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
"අදහසක් කියූ පමණින් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නෑ. යම් විදිහකට එය ප්‍රකාශයකින් නොනැවතී එම නීතියට අනුගත නොවී ඔවුන් ක්‍රියා කරනවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගැනීමේ හැකියාවක් තියෙනවා. නීති කඩ කිරීමකට අනුබල දීමේ චෝදනාවක් යටතේ ඔහුට විරුද්ධව චෝදනාවක් නගන්නත් හැකියාවක් තියෙනවා. හදිසි නීතිය යටතේ අදහස් ප්‍රකාශ කිරීම යම්කිසි ආකාරයකින් සීමා වෙනවා... ඒ නිසා කල්පනාවෙන් ඔවුන් වැඩ කළ යුතුයි. "
මේ අතර අදාළ ප‍්‍රකාශය සමස්ත මුස්ලිම්වරුන්ගේ පොදු ප‍්‍රකාශයක් නොවන බවත් එය නිවැරදි කරන ලෙස අදාළ මවුලවිවරයාට දැනුම් දුන් බවත් සමස්ත ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අක‍්‍රම් නුරාමිත් මවුලවි ඊයේ (30) ප‍්‍රකාශ කළා.

COMMENTS