සි සුන්ගේ පැමිණීම වර්ධනය කර ගැනීමට උනන්දුවීම පසෙක තබා අධ්‍යාපන අමාත්‍යවරයා වෙනත් කාරණයක් සඳහා මේ දිනවල වැඩි උනන්දුවක් දක්වමින් සිටන බවට වෘත...
සිසුන්ගේ පැමිණීම වර්ධනය කර ගැනීමට උනන්දුවීම පසෙක තබා අධ්‍යාපන අමාත්‍යවරයා වෙනත් කාරණයක් සඳහා මේ දිනවල වැඩි උනන්දුවක් දක්වමින් සිටන බවට වෘත්තීය සමිතිවලින් චෝදනා එල්ලවී තිබේ.
ඒ මෑතකදී බඳවාගත් ක්‍රීඩා පුහුණුකරුවන්ට සේවාරම්භක පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා බව පැවසේ.
අයැදුම්පත්‍ර 21,000ක් පමණ ලැබුණු පත්වීම සඳහා මේවන විට 3,850 ක පිරිසක් බඳවාගෙන ඇති බවත්, ඉන් 600ක් අමාත්‍යවරයා නියෝජනය කරනු ලබන වයඹ පළාතේ අය බවට ද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටියේ ක්‍රීඩා ගුරු හිඟය පියවීම වෙනුවට ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීම සැකසහිත කරුණක් බවයි.
ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේදී අවම සුදුසුකම් ලෙස සලකා ඇත්තේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වැඩ 6ක් සමඟ සමත්වී තිබීම හා දිස්ත්‍රික් මට්ටමේ තරගයකදී තෙවැනි ස්ථානය ලබා තිබීමය.
මේ පත්වීම් ලාභීන්ට රුපියල් 40,000/- කට ආසන්න වැටුපක් ලැබෙන බවද පැවසේ.
අදාළ පත්වීම් පළාත් සභා මට්ටමින් ලබාදීමට සැලැසුම් කර ඇතත් ඒ සඳහා ප්‍රතිපාදන නොමැති බවට වාර්තා වන අතර මේ පත්වීම් ලබාදීමේදී තරුණ කොමිසමේ නිර්දේශද උල්ලංඝනය කර ඇති බව පැවසේ.
අදාළ කොමිසමේ නිර්දේශවලට අනුව යම් තනතුරකට බඳවාගන්නා ප්‍රමාණයට වඩා දෙගුණයක් අයැඳුම්පත් ලැබුණ හොත් ඒ සඳහා තරඟ විභාගයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර තිබේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් විමසීමට අප අධ්‍යාලන අමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

COMMENTS