දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ් !
Homeප්‍රවෘත්ති

පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ් !

PropellerAds

අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ජුලි ...

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වෙයි !
මහසෝනාත් බැඳගෙන වැඩගත්ත දකුණේ හයිය පෙන්නන්න තුනෙන් දෙකක් දෙන්න - අනූෂා දමයන්ති
මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වෙයි !
පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ජුලි 09 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අනිවාර්ය නිවාඩු මත සිටින පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ ඔවුන් රෝහල්ගතව සිටියදිය.

ඔවුන් දෙදෙනා මේ වන විට බන්ධනාගාර නිලධාරින් භාරයේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානි සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බවට විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පොලිස්පති පූජිත් ජයසුන්දර සහ  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය.

අදාළ ලිපිය මගින් නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ බෝම්බ ප්‍රහාර මාලාව මගින් සිදුවූ හානි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනොගේ සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වය මත සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු සහ ලේඛනමය සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තාකර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන්නැයි නීතිපතිවරයා වැඩිදුරටත් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණි.

මෙවන් පසුබිමක පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් වූ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබුණි.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේම ජාතික රෝහලේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාවත්, නාරාහේන්පිට පොලිස් රෝහලේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාවත් අත්අඩංගුවට ගනු ලැබුවේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ් !
පූජිත-හේමසිරි නව වැනි දා දක්වා රිමාන්ඩ් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOXz_bdeElEaHM3Ngl-C0-7Fqxbc6RUwmtVgQg26nFmkeHQI2lnyyrKR_DXwHt8PKEoJrAhlxTZ1GWHIQMyIrhkjZ2lzsXWnhI5VVM7qT36TlWJ6HM3VmnR2bpY35GaZakCRIm6N50L8YD/s320/Pujith-and-Hemasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOXz_bdeElEaHM3Ngl-C0-7Fqxbc6RUwmtVgQg26nFmkeHQI2lnyyrKR_DXwHt8PKEoJrAhlxTZ1GWHIQMyIrhkjZ2lzsXWnhI5VVM7qT36TlWJ6HM3VmnR2bpY35GaZakCRIm6N50L8YD/s72-c/Pujith-and-Hemasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy