දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප මන්ත‍්‍රී පිරිස මැද පොහොට්ටු මන්ත‍්‍රිගේ කණට ගහයි.. කුණුහරුප වපුරයි.. මන්ත‍්‍රී රෝහලේ - (Photos)
Homeප්‍රවෘත්ති

එජාප මන්ත‍්‍රී පිරිස මැද පොහොට්ටු මන්ත‍්‍රිගේ කණට ගහයි.. කුණුහරුප වපුරයි.. මන්ත‍්‍රී රෝහලේ - (Photos)

PropellerAds

ඇ ඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි දීමණා ලබාදීමේදී ඇතිවූ ගැටුමකින් අණතුරුව,ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී (පොහොට්ටුව) නුවන්...

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් ළඟදීම නීතිය හමුවට ගෙනෙන ලකුණු
නොරොච්චෝල නවතී.. 69 කෝටියක අලුත්වැඩියාව අසාර්ථකයි.. විදුලි අර්බුදය උච්චයි
ගාළු මුවදොරට පැමිණ බඩ කපාගෙන මැරෙනවා.. ගෙදර යන්නෙ නෑ - ඇමති බන්දුල
ඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි දීමණා ලබාදීමේදී ඇතිවූ ගැටුමකින් අණතුරුව,ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී (පොහොට්ටුව) නුවන් විදානගමගේ මහතා පහරකෑමට ලක්ව ඇඹිලිපිටිය මහ රෝහලට ඇත්ලත්කර ඇත. කොළොන්න එ.ජා.පක්ෂයේ සංවිධායක හිටපු සබරගමු පලාත් සභා මන්ත‍්‍රී පී.අබේනායක මහතා ජනතාව බලා සිටියදී තමන්ගේ කණට පහරක් එල්ලකර බව මන්ත්‍රීවරයා පවසයි.

03 දා පෙරවරුවේදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නව සමෘද්ධි ලාභීන් සදහා සමෘද්ධි සහණාධාර ප්‍රධානය කිරීමට උත්සවයක් සංවිධානය කර තිබිණමෙම උත්සවය පෙරවරු 9ට පමණ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්බ විය.

ඒ ප්‍රාදේශීය ලේකම් ප්‍රසංග උදයකාන්ත මහතා සහ කොළොන්න ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක හිටපු පාර්ලිමේන්තු පී.අබේනායක මහතාගේ  ප්‍රදානත්වයෙනි.

මෙහිදී සංකේතවත් වශයෙන් 200 පමණ දෙනාට රැස්වීම් ශාලාවේත් ඉතිරි 2000 කට වැඩි පිරිසකට ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ලබාදීමට කටයුතු සංවිධානය කර තිබිණි.2669 දෙනෙකුට ප්‍රථම අධියර යටතේ සදෘද්ධි දීමනා ලබාදීමට කටයුතු සූදානම් කර තිබිණි.

මෙහිදී තවත් සමෘද්ධි ලබනවට වඩා පිරිසක් තමන්ට සමෘද්ධි සහණාධාරය නොලැබුන බවත් තමන්ද සුදුසුකම් ලැයිස්තුවේ සිටින බවත් පවසමින් රැස්වීම් ශාලාවට ඇතුලු වීමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේක්ම් කොට්ඨාශයේම පිරිසක් පැමිණ සිටින ලදී.

ඒ පිරිස සමෘද්ධි දීමණා ලබා දෙන රැස්වීමට යෑමට උත්සාහ කලද පොලීසිය හා නිළධාරීන් විසින් ඔවුන්ට අවසර ලබා දුන්නේ නැහැ.මේ පිරිස සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ එම පක්ෂයේම නුවන් විධානගමගේ මන්ත්‍රී වරයාද නිළධාරීන් හා පොලීසිය සමග උණුසුම් වාග් ප්‍රහාර එල්ලකරගන්නට විය.මේ වන විට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ 5000ක් පමණ පිරිසක් සිටිනු දක්නට විය.

ඇඹිලිපිටිය පොලීසියේ මූලස්ථාන පොලිසි පරික්ෂක වරයා හා නිලධාරීන් පැමිණ මෙය සමතයකට පත් කිරීමට උත්සාහ කලද එය ව්‍යර්ථ විය.මාධ්‍යවේදීන්ට පමණක් රැස්වීම් ශාලාව ඇතුලට ගමන් කිරීමට පහසුකම් සලසා තිබිණි.

මේ තත්වය මත රැස්වීම් ශාලාව ඉදිරිපිට සමෘද්ධි සහනාධාරය නොලැබූ පිරිස වාඩිවී තම විරෝධය දක්වන්නට විය.

මෙහිදී ඇතැම් අය චෝදනා කලේ ඇතුලට ගිය පිරිස් වලට ඇතුලේ සිටි පිරිස් ප්‍රථමයෙන් පහරදුන් බවයි.

පසුව මේ තත්වය මෙසේ තිබියදී අද දින ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට පැමිණ රජයේ නිළධාරීන් තම රාජකාරී කටයුතු කර ගැනීමට නොහැකිව අන්දමන්ද වී සිටිනු අයුරු දක්නට හැකි විය.

ප්‍රාදේශීය ලේකම් වරයා රැස්වීම් ශාලාවෙන් පිටට පැමිණ විරෝධතා කරුවන් හමුවීමට පහල මාලයට ආරාධනා කරන ලදී.අනතුරුව පිරිසෙන් කොටසක් පහල මාලයට පැමිණ ප්‍රාදේශීය ලේකම් වරයා සමග සාකච්ඡා කරන්නට විය.අනතුරුව උත්සවය නිමාකර එක්සත් ජාතික පක්ෂයේ කොළොන්න ආසන සංවිධායක පී.අබේනායක මහත පැමිනෙනවාත් සමග පිරිස හූ හඩ තබමින් උද්ඝෝෂණය කරන ලදී.

මෙහිදී පොලීසිය හා සිටි පිරිස මගින් ආසන සංවිධායක වරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම් උවද පොලීසිය තල්ලුකර දමමින් හූතබන පිරිස වෙත මන්ත්‍රීවරයා ගොස් ඔවුන්ට බැණ වදින ආකාරය අපට දක්නට ලැබිණි..මෙහිදී මන්ත්‍රීවරයා විසින් නුවන් විධානගම පොහොට්ටුවේ මන්ත්‍රීවරයාට පහරදුන් බව ජනතාව කෑ ගසන්නට විය. අනතුරුව නුවන් විදානගමගේ මන්ත්‍රීවරයා තමාට කම්මුලට පී. අබේනායක මහතා පහරදුන් බව මාධ්‍යවෙත අදහස් දක්වන ලදී.ආසන සංවිධායක පී.අබේනායක මහතා විසින් මාධ්‍යන්ට අදහස් ප්‍රකාශ කිරීම සදහා සූදානම් වී අදහස් ප්‍රකාශ කරන අතරතුර නැවතත් හූ හඩක් නැගිණි.මන්ත්‍රී වරයාට හිටි තැන අමතක විය. තිත්ත කුණු හරුපෙන් හූ තිබූ අයට බැණ වදින්නට වූහ.

ආසන සංවිධායක වරයා කණට ලංකර ඔහු සමග පැමිණි ආධාරකරුවෙකු මාධ්‍ය සිටිනා බව පැවසීමත් සමග මන්ත්‍රී වරයාට සිනා යන ලදී.අසභ්‍ය වදන කීම ඉන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා විසින් නවතා දමන ලදී.ඉන් අනතුරු ආසන සංවිධායක වරයා සමග පැමිණි ආධාර කරුවන් පිරිස එම ස්ථානයේ සිටි ජනතාවට බැණ වදින්නට විය.

පසුව ඇඹිලිපිටිය පොලීය නැවතත් පැමිණ එ ජා ප ආසන සංවිධායක වරයා ඇතුලු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම් කලද එයද පලක් නොවීව .පසුව ඔහු මේක මගේ ගම මම මොකටද බයවෙන්නේ යනුවෙන් ප්‍රකාශ කරමින් ප්‍රධාන මාර්ගයට පාගමනින් පැමිණ ටික වෙලාවක් සිට නැවත යන්නට පිටත් විය.

පහරකඋමට ලක්වූවායි කියන නුවන් නිදාන ගමගේ මන්ත්‍රී වරයා මේ වන විට ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සීටී.

පසුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුපස පිහිටි අඩි 40ක් පමණ උස වතුර ටැංකිය මතට නැග ආර්.සුමතිරත්ත තිත්තවැල්පත,සුරංග තිත්තවැල්පත යන දෙදෙනා උපවාසයක් ආරම්බ කලේ සමෘද්ධි සහනාධාර ලබා දීමේදී තමන්ට අසාධාරණයක් වඋ බව පවසමිනි.

මේ වන විට වාර්තා වී ඇත්තේ සම්පූර්ණ සමෘද්ධි දීමණා 6627 දෙනෙකුට අනුමත වී ඇති බවත් මෙහිදී ලබා දෙන්නේ 2669 දෙනෙකුට බව රත්නපුර සමෘද්ධි කාර්යාලයේ ප්‍රකාශකයෙකු කීය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා මේ සිදුවන සියල්ල උපේක්ෂාවෙන් බලා සිටින අයුරු අපට දක්නට හැකි විය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප මන්ත‍්‍රී පිරිස මැද පොහොට්ටු මන්ත‍්‍රිගේ කණට ගහයි.. කුණුහරුප වපුරයි.. මන්ත‍්‍රී රෝහලේ - (Photos)
එජාප මන්ත‍්‍රී පිරිස මැද පොහොට්ටු මන්ත‍්‍රිගේ කණට ගහයි.. කුණුහරුප වපුරයි.. මන්ත‍්‍රී රෝහලේ - (Photos)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9ZVD7JZWH5hw-VfzDlpj8j6gTz32wPFlyqtlZUZwhYDE7ZGcVXyPF-7mvSki5uKuUQiVZj9etK8V2IvnIkntBHN05-fHyLtMjQJ4WQQtOuvYzqAO5NJ1qk4tuhO3JenkQUTe5d4Tt9f1m/s320/45789999+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9ZVD7JZWH5hw-VfzDlpj8j6gTz32wPFlyqtlZUZwhYDE7ZGcVXyPF-7mvSki5uKuUQiVZj9etK8V2IvnIkntBHN05-fHyLtMjQJ4WQQtOuvYzqAO5NJ1qk4tuhO3JenkQUTe5d4Tt9f1m/s72-c/45789999+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy