‘ආණ්ඩුව ආරක්ෂාව පිළිබද ජනතාවට සහතිකයක් දී නැහැ. එක එක දේ කීවට ජනතාව පිළිගන්න සුදානම් නෑ. මේ ආණ්ඩුව මැරිලා’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනු...
‘ආණ්ඩුව ආරක්ෂාව පිළිබද ජනතාවට සහතිකයක් දී නැහැ. එක එක දේ කීවට ජනතාව පිළිගන්න සුදානම් නෑ. මේ ආණ්ඩුව මැරිලා’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීම සදහා නව පනතක් ගෙනඒම තුළින් තිබෙන පනත අහෝසි වෙන වේ. නව පනතක් ගෙන ඒම සිදු කළ යුත්තේ ඊට වඩා ත්‍රස්තවාදය වැළැක්වීමට ත්‍රිවිධ හමුදාවට පොලිසියට ඇති ඉඩ ප්‍රස්ථ වැඩිකිරීමට යි.නමුත් මෙවැනි ප්‍රශ්නකාරී නව පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ඇයි කියන එක අපිට සලකාබලන්න වෙනවා. එසේම මේ පනත ගෙන එන විට ජනාධිපතියි අගමැතියි එකට ඉන්නවද කියන එක බලන්න සිදුවෙනව. විධායකය සහ ව්‍යවස්ථානදායකය වෙන වෙන මත වල සිටින විට මේ පනත තුළ අර්ථ දැක්වීම කෙබදුද කියා සලකා බැලිය යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව පැරණි පනත යටතේ අපි ක්‍රියාත්මක කරපු වැඩපිළිවල අසාර්ථක වී නොමැති අවස්ථාවක අපි කළ යුත්තේ අවශ්‍ය අන පනත්වලට ශංශෝධන එකතු කිරීමයි. එසේ නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීම අසීරු තැනකට තල්ලු කිරීම නොවන බව මාගේ හැගීමයි.
අද අප මුහුණ දෙන ත්‍රස්තවාදය ආගමික අන්තවාදය සමග වර්ධනය වු ත්‍රස්තවාදයක්. එය මුස්ලිම් ආගම හා බැදුන දෙයක්. අපේ මුස්ලිම් ජන සමාජය යම් අන්තවාදී මත සමග තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹුණා. එසේම මුස්ලිම් සමාජයට බාහිරින් බලපෑම් ඒල්ල වුණා. රුඩිකල් අදහස් දරණ විවිද පිරිස් ආගමික ඉගැන්වීම් සමග එකතු වුණා. ඒ අවස්ථාවල පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ මුස්ලිම් නියෝජිතයින් වග කීම් පැහැර හැර තිබෙනවා. මේ කාරණා කලින් දැනගැනීමට නොළැබුනේ ඇයි කියන ප්‍රශ්නය තිබෙනවා.
යුධ හමුදාපති බීබීසී සේවය සමග සම්මුඛ සාකච්ඡාවක දී පෙන්නා දී තියෙනවා අත් අඩංගුවට ගත් අය නිදහස් කරන්නේ කවදාද කියා සමහර මුස්ලිම් නායකයො විමසා ඇති බව. ඒ මුස්ලිම් අමාත්‍යවරයා කවුද?ආරක්ෂක අංශවලින් එසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් තිබෙනව ද? මේ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්නේ. තමන්ගේ ජනමතය අන්තවාද දෙසට ඇදී යන විට මුස්ලිම් නායකයින් තිබෙනවා වගකීමක් එම ජන සමාජය අන්තවාදයට යොමු වීම වළක්වන්න. එහෙම කරපු එක මුස්ලිම් නියෝජිතයෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද?.
2015 වන විට අපට ඉතාම හොද බුද්ධි අංශයක් තිබුණා. ත්‍රිවිද හමුදාව, පොලිසිය ජාතික බුද්ධි අංශය ඒකාබද්ධ වී කටයුතු කළා. මේ සම්බන්ධය කැඩුනේ කෙසේ ද? කැඩුවේ කවුද?. එසේම මෙම අන්තවාදී ත්‍රස්තවාදය ආරම්භක අවස්ථාවේ ලැබුණු බුද්ධි අංශ තොරතුරු පිළිබදව ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධව කටයුත් කළේ කවුද? අපට ලැබුණු තොරතුරු මත මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීමට තිබුණු අවස්ථාව මග හැරුනේ ඇයි?
මේ රට අද තිබෙන්නේ විශාල බියක. අද අගමැති, රජයේ ඇමතිවරු, මෙන ප්‍රකාශ කළත් ජනතාව අපේක්ෂා බංගත්වයට පත්වී ඉවරයි. ඉතාමත් සුරක්ෂිත රටක් ඉතාමත් ආරක්ෂිත රටක්. දැන් ජාත්‍යන්තර මිනුම් ගැන කථාකලාට මහජනතාවට වැඩක් නෑ. 2015 වේ ජනාධිපතිවරණයෙන් උද්දාමයට පත් එක්තාරා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ජනාධිපති මැදුරට ගියේ මුර කපොල්ලට පයින් ගහල. ඒ අය මේ රටේ ආරක්ෂක අංශ සියල්ල වෙනස් කළා.
අද පාසැලට ළමුන් යවන් නෑ. ජනතාව අපේක්ෂා බංගත්වයට පත් වීමේ ප්‍රතිඵල. දෙමව්පියන් දරුවන් පාසැල් එවීමට කැමැත්තක් නෑ. ආණ්ඩුව ආරක්ෂාව පිළිබද ජනතාවට සහතිකයක් දී නැහැ. එක එක දේ කීවට ජනතාව පිළිගන්න සුදානම් නෑ. මේ ආණ්ඩුව මැරිලා. මේ අනවශ්‍ය පනත් ගෙනත් ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නැතිව ජනතාවගේ මනස හදන්න. ජනතාව මෝඩ නෑ. මහජනතාව අද දැනුවත් ඒක මේ ආණ්ඩුව තේරුම්ගත යුතුයි.
– Media Team

COMMENTS