ආ රක්ෂක හේතු මුල් කරගෙන මැතිවරණ කල් දැමීමට කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එය ද ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක කොටසක් බව මැතිවරණ කොමිසමේ ස...
ආරක්ෂක හේතු මුල් කරගෙන මැතිවරණ කල් දැමීමට කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එය ද ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක කොටසක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.
ආරක්ෂක තත්ත්වය නිසා ඡුන්ද විමසීමක් කල් දැමිමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම කීය.
ආරක්ෂක අංශ රටේ ඇති වූ අයහපත් තත්ත්වය බොහෝදුරට පාලනය කර ඇති නිසා ඡුන්ද විමසීමක් සිදු කළහොත් ඊට පසුබිම ඇති කිරීමට එම අංශවලට හැකි බව විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.
මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවද, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය කැඳවිය හැකි බවද සභාපතිවරයා කීය.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා ගන්නා බව කී ක‍්‍රියාමාර්ගයේ වෙනසක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
රනිල් ධර්මසේන
දිවයින

COMMENTS