බු ද්ධි අංශ වාර්තා වලට අනුව පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙතැයි යන සැකය හේතුවෙන් විදෙස් රටවල ද සහය ඇතිව එහි ආරක්ෂක තත්ත්වය ඉහල දමා...
බුද්ධි අංශ වාර්තා වලට අනුව පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙතැයි යන සැකය හේතුවෙන් විදෙස් රටවල ද සහය ඇතිව එහි ආරක්ෂක තත්ත්වය ඉහල දමා ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව ක්‍රියාත්මක සියළු ආරක්ෂක විධිවිධාන මීළඟ පාර්ලිමේන්තු වාරය පැවැත්වෙන ලබන අඟහරුවාදාට පෙර සකස් කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.
එහි ආරක්ෂවට අවශ්‍ය ආරක්ෂක උපකරණ විදෙස් රටවලින් ලබාදීමට නියමිත බවද පැවසේ.
විදෙස් රටකින් මේවන විටද පුපුරන ද්‍රව්‍ය හදුනා ගැනීමේ ස්කෑන් යන්ත්‍ර ඇතුළු අනෙකුත් අධිතාක්ෂණ උපකරණ තොගයක් ලබාදී ඇති බවත්, ඒවා ගුවන් මගින් ලංකාවට ගෙනවිත් ඇති බවත් වාර්තා වේ.
තවත් භාණ්ඩ සති අන්තයේ ලංකාවට පැමිණීමට නියමිත බවද පැවසේ.
මේ අතර පාර්ලිමේන්තු CCTV කැමරා පද්ධතියේ තාක්ෂණික තත්ත්වය ද ඉහල දමා ඇතැයි වාර්තා වේ.
කතා නායක කරු ජයසූරිය මහතා හා ආරක්ෂක අංශ ඇතුළු විවිධ කණ්ඩායම් සමඟ සිදු කළ සාකච්ඡා කිහිපයකින් පසු මෙසේ පාර්ලිමේන්තු ආරක්ෂාව ඉහල දමා තිබේ.
මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකා අනු කණ්ඩයක් ද පාර්ලිමේන්තු ආරක්ෂාවට ස්ථාපනය කර ඇතැයි පැවසේ.
මූලාශ්‍රය - ද සන්ඩේ ටයිම්ස්

COMMENTS