එ ක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන මුල...
එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළා. අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ මෙම රිට් පෙත්සමට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සහ අනෙකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා ඉදිරිපත් කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසට මීට පෙර ඉල්ලීමක් කෙරුණා.
එහිදී ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් පවසා සිටියේ මෙම පෙත්සම ගොනු කිරීමේදී පෙත්සම්කාරිය සහතික නොකරන ලද ඡායාපිටපත් සහිත ලේඛන මත පදනම් කර ගෙන ඇති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල තුන්වන වගන්තිය අනුව මුල් පිටපත් නොමැති ලේඛන සලකා බැලිය නොහැකි බැවින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
රනිල් වික්‍රමසිංහ මහතා එළඹ ඇතැයි කියන ගිවිසුමට අදාල ලේඛනය ඉදිරිපත් කිරීමට ද පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පවසා සිටියා.
කෙසේවෙතත් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පවසා සිටියේ සිද්ධියට අදාළ චෙක්පත්වල මුල්පිටපත් පෙත්සමට අමුණා ඇති බවයි. තවද අනෙකුත් ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ඉහලහේවා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මෙම පෙත්සම ගොනු කරුණු ලැබුවේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල විසින්.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීම වලකාලමින් කො වොරොන්ටෝ රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සමෙන් ඉල්ලා සිටියා.

COMMENTS