මු ලතිව් මුල්ලිවයික්කාල් යුද හමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි මුහුදු තීරය ආසන්නයේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් සිදු කරන ලද කැනීමකදී එල්.ටී.ටී.ඊ. ...
මුලතිව් මුල්ලිවයික්කාල් යුද හමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි මුහුදු තීරය ආසන්නයේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් සිදු කරන ලද කැනීමකදී එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක කොටස් හා ඇටසැකිලි කොටස් කිහිපයක් සමග අත්බෝම්බ දෙකක් අද (18) අළුයම හමු වී ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.
මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අයත් ඉඩමක සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් අදාල බිම කැනීමේදී අදාල එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක කොටස් හා ඇටසැකිලි කොටස් කිහිපයක් මෙන්ම කොටි සංවිධානය විසින් නිශ්පාදිත අත් බෝම්බ දෙකක්ද හමුවීමෙන් පසුව ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.
යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු එම සංවිධානය විසින් මෙම ස්ථානයේ වලදමා පසු බසින්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.
කෙසේ වෙතත් අදාල ඇටසැකිලි හමුවීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට කරුනු දක්වා මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයන් පරිදි එම ස්ථානයේ වැඩි දුර කැනීමක් සිදු කිරීමටද පියවර ගන්නා බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS