දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන් කරයි !
Homeප්‍රවෘත්ති

උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන් කරයි !

PropellerAds

උ මාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදෙන ලෙස ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින්...

ඇමති මංගල පත්කළ ලිට්රෝ අධ්‍යක්ෂක මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක් !
ත්‍රස්තවාදී පුහුණු කදවුරු හතක් සොයාගනී !
තත්වය පාලනය කරන්න බෑ කියා ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ කල් දැමීමක් !
මාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදෙන ලෙස ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව තීන්දුවකින් තොරව අවසන් කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා තීරණය කළේය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් හටගත් විවිධ විවිධ පාරිසරික ව්‍යසනයන් මත සිදුවූ නිවාසල දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍ර‍මාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස අදාළ වන්දි හා පොරොන්දු සහන ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග කරන ලෙස ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා ජ.වි.පෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරිල එහි සම සභාපති එච්. ඒ.බෝධිපාල යන අය විසින් මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්ල උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමාඔය සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අය වග උත්තරකරුවන් කරමින් ඌව පළාත්බද මහාධිකරණයේ අදාළ නඩුව පවරා තිබිණි.

එම නඩුව දස වතාවක් ඌව පළාත්බද මහාධිකරණයේ විභාගයට ගෙන තිබූ අතර පැමිණිළි පාර්ශවය වෙනුවෙන් ආරම්භයේ සිට අවසාන දක්වාම ජනාධිපති නීතීඥ විජය නිරංජන් පෙරේරාල නීතීඥ යසන්තා රාජපක්ෂ සහ නීතීඥ ඕෂධී පෙරේරා යන මහත්ම මහත්මීහු ඉදිරිපත්ව සිටියහ. වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් රජයේ නීතීඥ අවින්ද්‍රා ද සිල්වා මහත්මිය ඇතුළු රජයේ නීතීඥවරුන් කිහිප දෙනෙක් වරින් වර ඉදිරිපත් වූහ.

ඉකුත් 08 වැනිදා  එම නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේල මෙහි පැමිණිළි පාර්ශවය විසින් ඉල්ලා සිටින සහනයන්ම ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේද නඩුවක් විභාග වන බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා, එකම කරුණක් උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණයේද විභාග වන නඩුවකට සමාන නඩුවක් ඌව පළාත්බද මහාධිකරණයේද තවදුරටත් පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් දෙපාර්ශවයේම එකඟත්වය මත එම නඩුව අවසන් කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය.

අදාළ නඩුව ගොණුකළ පැමිණිළිකරුවන් වන උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්. ඒ.බෝධිපාල යන අයද වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් හා ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් හා එම පාර්ශවයේ නීතීඥයින් කිහිප දෙනෙක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඇටම්පිටිය - රත්න වීරසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන් කරයි !
උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන් කරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9D8vpgWqt0n6G7ybZS4aPqBc-wM6a3hbRMnb4vCw9_JUHmM6NNYI-HPh7NYCeoBYkUOP00EjTxdNgApjKNYZzUmVDt7GOBD7qAZ_JLBopANzbJ1PNRwSXHgotrnVMpykDDyszduBqyXz4/s320/5cd4f567161b5_25.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9D8vpgWqt0n6G7ybZS4aPqBc-wM6a3hbRMnb4vCw9_JUHmM6NNYI-HPh7NYCeoBYkUOP00EjTxdNgApjKNYZzUmVDt7GOBD7qAZ_JLBopANzbJ1PNRwSXHgotrnVMpykDDyszduBqyXz4/s72-c/5cd4f567161b5_25.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_241.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_241.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy