දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තත්වය පාලනය කරන්න බෑ කියා ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ කල් දැමීමක් !
Homeප්‍රවෘත්ති

තත්වය පාලනය කරන්න බෑ කියා ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ කල් දැමීමක් !

PropellerAds

ආ න්ඩුවේ උගුල් වලට අසුවී ලෝකය ඉදිරියේ ජාතිය අවමානයට පත් නොකර ගන්නා ලෙස දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා කොල්ලු...

ආණ්ඩුවේ විරෝධය නිසා දයා රත්නායකගේ පත්වීම නවතී !
සහරාන් හෂීම් ඇතුළු පවුලේ අය 18 වැනිදා සිට අතුරුදන් වෙලා හිටියෙ - සොහොයුරිය කියයි
අත්බෝම්බ 21 සහ කඩු 6ක් සමඟ තුනක් කොටුවෙයි !
න්ඩුවේ උගුල් වලට අසුවී ලෝකය ඉදිරියේ ජාතිය අවමානයට පත් නොකර ගන්නා ලෙස දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා කොල්ලුපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. “අද මේ රටේ ජනතාවගෙන් අති බහුතරයක් දේශපාලනිකව දැනුවත්. ඔවුන් මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ.
නමුත් සුලුතරයක් රැල්ලට අසුවී අනවශ්‍ය කලබල ඇතිකරනවා. 21දා සිදුවූ අති බිහිසුන ත්‍රස්ථවාදී ප්‍රහාරයෙන් පසු සාමාන්‍ය මුස්ලිම් ජනතාවට කිසිදු හිරිහැරයක් වන්නට ඉඩ නොදී ලංකාවේ බෞද්ධ, කතෝලික හින්දු ජනතාව ලෝකයටම ආදර්ශයක් දුන්නා .

සිංහල ජනතාව මුස්ලිම් වරුන්ට පහර දෙනවා කියා පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුවදාම එංගලන්තයේ වීදිවල පෙලපාලි ගිය අයට කට උත්තර නැතිඋනේ ඔවුන් බලාපොරොත්තු වූ උගුලට සිංහල හා දෙමල ජනතාව අසුවුනේ නැති නිසායි. නමුත් ඒ සිද්ධිය සිදුවී සති තුනකටම පසු මෝඩයන් පිරිසක් කාගේ හෝ උසි ගැන්වීම් මත තැන් තැන් වල මුස්ලිම් වරුන්ට පහරදී සමස්ථ ජාතියේම ගෞරවය නැතිකරන්නට කටයුතු කිරීම අන්තිම කගාටුදායකයි.

අමතක කරන්න එපා 83 කළු ජූලිය පිටුපස සිටියේ එවකට සිටි ආන්ඩුවයි. එය හෙලිදරව් වුනේ වසර ගනනාවකට පසුවයි. එදා ජේ ආර්ගේ ආන්ඩුවේ මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇති කොට එය වෙනත් දේශපාලන පක්ෂයක් මත පැටෙව්වා.යාපනයේ තිබුන ඓ තිහාසික පුස්තකාලයට ගිනිතිබ්බේ දිස්ත්‍රික් සංවර්ධන සභා චන්දයට කෝච්චි 3 ක් පුරවා කොළඹින් ඇරපු ආන්ඩුවේ මැරකන්ඩායම් විසිනුයි. හුදු දේශපාලන වාසි ගන්නට කල මේ අමන ක්‍රියාවන් නිසා ජාතියන් වශයෙන් අපි අවුරුදු 30 ක් දුක්වින්දා.

අදත් රටේ කලබලයක් අවශ්‍යව තිබෙන්නේ ආන්ඩුවටයි. විපක්ෂයට අවශ්‍ය හැකි තරම් ඉක්මනින් මැතිවරණයක්. ඒ සඳහා සාමකාමීව දේශපාලනය කරන්නට පුළුවන් වාතාවරණයක් විපක්ෂය බල පොරොත්තු වෙද්දී මහජන අප්‍රසාදයට ලක්වී සිටින ආන්ඩුවට අවශ්‍ය රටේ කලබල පවත්වාගැනීම හරහා සියලු දෙනාම ගෙවල් දොරවල් වලට කොටු කර තබා ගන්නයි. එතකොට විපක්ෂයට රැස්වීම් තියන්න බැහැ, එක් රැස්වෙන්න බැහැ, උද්ඝෝෂ්ණ කරන්න බැහැ, ආන්ඩුවට හිතෙන හිතෙන වෙලාවට සමාජ ජාල අවහිර කරන්න පුළුවන්, රටේ ආරක්ෂාවට කියා මාධ්‍ය වාරණය කරන්න පුලුවන්, දේශපාලන ප්‍රතිවාදීන්ව කලබල වලට සම්බන්ධයි කියා බොරු චෝදනා යටතේ අත් අඩංගුවට ගන්න පුළුවන්. ත්‍රස්ථ්වාදය වැලැක්වීමේ මුවාවෙන් දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනයට අවශ්‍ය අනපනත් සම්මත සම්මත කරගනට පුලුවන්. තත්වය පාලනය කරගන්න බැහැ කියා ඉදිරියට එන්නට නියමිත් මැතිවරණත් කල් දාන්න පවා පුළුවන්. ඒ නිසා හොඳින් මතක තබා ගන්න මේ ඇතිවෙන සියලු කලබල අස්සේ ඔබ නොදන්නා අදිසි හස්තයක් තිබෙනවා විය හැකියි. 83 වුනේත් එයමයි.

ඊලඟ එන ජනාධිපතිවරණය මේ රට අද වැටී තිබෙන ආර්ථික සමාජ දේශපාලන අගාධයෙන් ගොඩ එන්නට පුරවැසියන්ට තිබෙන අන්තිම අවස්ථාවයි. ඒ සඳහා මේ රටේ සියලුම ජනතාව එකතු විය යුතුයි. අද අපට තියෙන ආර්ථික ප්‍රශ්ණ හා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණ, සිංහල දෙමල හා මුස්ලිම් සෑම පුරවැසියෙකුටම බලපානවා. ඒ නිසා ඔවුන් සියලු දෙනාම මේ අසාර්ථ්ක ආන්ඩුව පලවා හැරීමේ කර්තව්‍යට එක් වෙමින් සිටිනවා. එක අරමුණක් සඳහා පෙල ගසෙමින් සිටිනවා. මෙය වලක්වන්නට නම් ආන්ඩුව මේ බලවේගය කැබලි වලට කැඩිය යුතුමයි.

එදා සුද්දා බේද කොට පාලනය කිරීමේ න්‍යායෙන් රට පාලනය කලා සේම මේ ආන්ඩුවත් බෞද්ධ, කතෝලික, මුස්ලිම් , හින්දු ආගම් වශයෙන් ජාතිය බේද ඇතිකිරීමට කල හැකි සියලු දේ ඉදිරි කාලයේදී කරාවි. එය සිදුවන්නේ ඉතා සුක්ෂම විධියටයි. ඔබව පාවිච්චි කරනු ඇත්තේ අර පසුගියදා විකාශණය වු කූඹියෝ ටෙලි නාටකයේ වගේ ඔබවත් නොදැනුවයි. බෙදුනොත් සතුරා ඉදිරියේ ඔබ දුර්වල වෙනවා. අන්තිමට ඔබේම දුර්වලතා මතින් ඔවුන් යලි බලයට එනවා. ඒ නිසා කරුණාකරලා දනුවත් වෙන්න. අනික අයවත් දැනුවත් කරන්න මේ උගුලට අසු වී බෙදී වෙන් වෙන්න එපා.”

– චාමින්ද කරුණාරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තත්වය පාලනය කරන්න බෑ කියා ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ කල් දැමීමක් !
තත්වය පාලනය කරන්න බෑ කියා ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ කල් දැමීමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdE06Uff3aE1_UiuGUExi8u8xeQfrPjGms8O3ZKt9UInIpOv25RpFbvqRk8Mzpw42qd5cJ5wrxzjqiql7T9FeCWPTcC4f-RKOa2vR-IFdLclBrDxWcqM40TnMs9AM3EAi1Ckn5JabDgUGq/s320/Nalaka-Godahewa-lahiru.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdE06Uff3aE1_UiuGUExi8u8xeQfrPjGms8O3ZKt9UInIpOv25RpFbvqRk8Mzpw42qd5cJ5wrxzjqiql7T9FeCWPTcC4f-RKOa2vR-IFdLclBrDxWcqM40TnMs9AM3EAi1Ckn5JabDgUGq/s72-c/Nalaka-Godahewa-lahiru.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_310.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_310.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy