මු දල් අමාත්‍ය මංගල සමරවීරගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට පත් කළ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම ලබන 28 වැනිදා තෙක් වළකාලමින්...
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට පත් කළ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම ලබන 28 වැනිදා තෙක් වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඊයේ (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් පත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් නොතිබියද මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කොට ඇතැයි කියමින් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා පෙර අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඔවුන්ගේ කටයුතු වලට බාධ නොකරන ලෙසද නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට නියෝග කරනු ලැබුවා.
නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම තාවකාලිකව වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා මෙම පෙත්සම යළි කැඳවීමට නියමිත ලබන 28 වැනිදා විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට නියම කර සිටියා.

COMMENTS