දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා - කතානායක
Homeප්‍රවෘත්ති

ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා - කතානායක

PropellerAds

ක තානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන අති බහුත...

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි
‘ස්විස් සේවිකාව පැහැර ගැනීම බොරුවක්.. මවාපෑමක්..’ ස්විට්සරලන්තයට කට උත්තර නැති කරමින් දෙස් විදෙස් මවිත කල රාජතාන්ත‍්‍රික ප‍්‍රහාරයෙන් පසු ජනපති මාධ්‍ය හමුවේ කියයි
මේ ජනාධිපතිවරණ ජය ගැන මට සතුටුයි.. සිංහලයන් බලය පෙන්නුවා..- මර්වින් Uturn එකක් ගහයි.
තානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන අති බහුතර ගරු මන්ත්‍රීරුන් වෙනුවෙන් පහත සඳහන් අයාචනය ජාත්‍යාලයෙන් යුතුව ඉදිරිපත්කරමු.

ගෙවීගිය ඉතිහාසයේ අප අත්දුටු අඳුරුතම දිනයක් වන අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින සිට වෙසක් පුර පසලොස්වක පොහොය දිනය උදාවන තුරුම රට පුරා පැතිරිගිය භීතිය පතුරුවන සුුළු ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවත් ඒ පසුබිමෙහි ඇතැම් කඩාකප්පල්කාරී බලවේග ක්‍රියාත්මක වී ඇති බවත් බුද්ධිමත් ජනතාව මේ වන විට අවබෝධ කරගෙන තිබේ.

එමෙන්ම රට තුළ ජාතිවාදී ගිනිදැල් පතුරුවමින් සහ අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරමින් ඔවුන්ගේ දේපල වනසමින් ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වයද ඉහත කී කඩාකප්පල්කාරී ක්‍රියාදාමයේම තවත් දිගුවක් බව පැහැදිලිය.

මේ තුළින් සිදු වූ දේපල විනාශයටත් වඩා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස ක්‍රියාකළ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ කීර්ති නාමයට විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් සිදුවු හානිය බරපතලය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පසුබිමෙහි ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ව්‍යාපාරය සියයට අනුපහක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇති බව ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් ඒම බුද්ධි අංශ විසිනුත් හතවුරු කර ඇත.

කෙසේ වුවද බියගන්වන සුළු අසත්‍ය ප්‍රකාශ නොතකා මෙවර වෙසක් උත්සවය කිසිදු බාධාවකින් තොරව සුපුරුදු පරිදි විශාල ජනතා උනන්දුවකින් යුත්ව සැමරීම පිළිබඳ අප සතුටු වෙමු. එම තත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමින් සුපුරුදු දෛනික කටයුතු සහ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටිමු.

මෙවර වෙසක් උත්සවයේදී ඉස්මතු වන විශේෂිතම තත්වය නම් කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් ප්‍රජාව අමිහිරි මතකයන් යටපත් කර වෙසක් සැමරුමට දායක වූ අන්දමයි.එය අප නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන සාමය සෞභාග්‍ය පිරි දේශයක සිහිනය සැබෑවන බවට පෙර නිමිත්තකි.

මෙම සහෝදරත්වයේ බැඳිම, ගෞරවය සහ අන්නෝන්‍ය විශ්වාසය බිද දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබමු. අප මාතෘභූමියට සහ එහි අනාගතය භාරගන්නා දූදරුවන්ට ආදරය කරන කිසිදු බුද්ධිමත් පුරවැසියෙකුට කවරාකාර හෝ අන්තවාදී දේශද්‍රෝහි බලවේගයකට සවන්දිය හැකිදැයි සිතා බලන ලෙස ඉල්ලා සිටිමු.

එවන් බලවේගයන්ට මතවාදීමය වශයෙන් හෝ උත්තේජනයක් ලබාදීම ඔබගේ දෛනික ජීවිතය අවුල් කරනු ඇත. රටේ ආර්ථිකය මෙන්ම එයට මුලික පදනමක් සපයන සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ සහ විදෙස් ආයෝජන අහිමි කරනු ඇත.

නැවතත් ගොඩ ආ නොහැකි ප්‍රපාතයකට අප මාතෘභූමිය ඇද දමනු ඇත. අද වන විට ඇති වු ගැටළු ස්ථිරසාර ලෙස නිරාකරනය කර ගැනීමට වැදගත් පියවර රැසක් පාර්ලිමේන්තුවෙන් ගනිමින් පවතී. මුස්ලිමි ආගමික කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, නිතීය හා සාමය ආදී අමාත්‍යංශ සහ ඊට අදාළ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා විසින් අවශ්‍ය නිතිරීති සම්පාදනය කරමින් සිටි.

එ් සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහය අඛණ්ඩව ලැබෙනු ඇති බවට සහතික වෙමු. විශේෂයෙන්ම මෙම නිති සම්පාදන ක්‍රියාදාමයන්හිදී ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් සහ ජන නායකයන්ගෙන් ලැබෙමින් තිබෙන එකඟත්වය තුළින් විද්‍යමාන වන්නේ කිසිදු විටෙක මූලධර්වාදයට අප දේශය තුළ ඉඩ නොමැති බවයි.

ඉහත කී සියළු තත්වයන් සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ ගරු විපක්ෂ නායකතුමන් එක්ව රට යථාතත්වය පත්වෙමින් තිබෙන බවටත් කවර දේශපාලන අදහස් නියෝජනය කළද අප මාතෘභූමිය මුහුණ දෙන මෙවන් අර්බුදවලදී එක්සත්ව මුහුණදීමට සුදානම් බවටත් පාර්ලිමේන්තුව හරහා ප්‍රකාශ කරමින් ජනතාවට සහතික වන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

පාර්ලිමේන්තුවේ සියළුම ආංශික අධීක්ෂණ කාරක සභා වෙනුවෙන්,

කරූ ජයසූරිය
කථානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා - කතානායක
ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා - කතානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVYzbE9XlIBfBNXi2xRyy3YcPZ3qRF1znRC_zY3BJr8na34F7hzbiRhEpLGVuXLmAuqfjXF3BaswPweW2qyoHpzXDv_WNxlSnfuRG_zsp8BNlCq3gNcEuH90WGrgswKCmQlpi7jVQYkppF/s320/Karu-jayasuriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVYzbE9XlIBfBNXi2xRyy3YcPZ3qRF1znRC_zY3BJr8na34F7hzbiRhEpLGVuXLmAuqfjXF3BaswPweW2qyoHpzXDv_WNxlSnfuRG_zsp8BNlCq3gNcEuH90WGrgswKCmQlpi7jVQYkppF/s72-c/Karu-jayasuriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_183.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_183.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy