මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ...
මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (09) පැවැති මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උත්සවයට සහභාගී වෙමිනි. මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨාමාලව හැදෑරු විශේෂ බළකා නිලධාරින් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 189 ක් අද මෙලෙස විසිර ගියහ.
මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටුකිරීමේදී සන්නද්ධ විය යුත්තේ ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් සහ නිර්මාණශීලිත්වයෙන් ද ඔවුන් දක්ෂතා පෙන්විය යුතු බවයි.
“අපේ රටේ වසර දහස් ගණනක ඉතිහාසය ගත්විට අපි බොහෝවිට ආක‍්‍රමණයන්ට මුහුණ දුන් රටක්. විදේශ ආක‍්‍රමණවලට මුහුණ දුන් රටක්. විදේශ ආක‍්‍රමණ මෙන්ම රට අභ්‍යන්තරයේ ඇතිවූ විවිධ යුදමය තත්ත්වයන්වලට මුහුණ දුන් රටක්. ශ‍්‍රී ලාංකික ජනතාව සැමවිටම සටන්කාමිත්වය පිළිබඳව, වීරත්වය පිළිබඳව ඉතිහාසය පුරා කීර්තිය දිනා තිබෙනවා. එමෙන්ම අත්දැකීමක් ලබා තිබෙනවා. ඉතිහාසයේ මතක සටහන් සමග ඉතිහාසයේ පාඩම් සමග පසුගිය දීර්ඝ කාලයක ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධය ඔබට පරාජය කිරීමට හැකියාව ලැබුණා. නව අධි තාක්ෂණික ලෝකයේ අපිට වඩා යුදමය වශයෙන් ආරක්ෂක උපායමාර්ගික වශයෙන් විවිධ අංශවල තිබෙන දැනුම, ශීල්පීය ඥානය, නව තාක්ෂණික උපකරණ භාවිතය ඉහළයි. ඒ සියල්ල අප විසින් අත්පත් කරගත යුතු වෙනවා.“ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප‍්‍රසාදයක්ම ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල් භූමියේ නා පැළයක් ද රෝපණය කෙරුණු අතර, එහි ඔසු උයන නැරඹීමට ද ජනාධිපතිවරයා ද එක්විය.
COMMENTS