නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරතව සිටියදී අතුරුදන්ව සිටි තරුණයින් 7 දෙනා හමුවී ඇත. පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද පස්වරුවේ බඹරැල්ල ප්‍රදේශයේදි ස...
නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරතව සිටියදී අතුරුදන්ව සිටි තරුණයින් 7 දෙනා හමුවී ඇත.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද පස්වරුවේ බඹරැල්ල ප්‍රදේශයේදි සොයා ගත් අතර ඔවුන්ගේ ජංගම දුරකතනවල සංඥා ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔවුන් සමග පැවැති සබඳතා ඇනහිට ඇති බවයි.
අතුරුදන් වූ පුද්ගලයින් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
පොලීසිය ප්‍රකාශ කළේ, පසුගිය 06 වන දා ඔවුන් නකල්ස් රක්ෂිතය තරණය කිරීමට පිටත්ව ගොස් ඇති බවයි.
ඔවුන් සොයා යුද හමුදාව සහ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.
COMMENTS