ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොණ්ඩමන් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ අගරදගුරු නිල න...
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොණ්ඩමන් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ අගරදගුරු නිල නිවසේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
රටේ සාමය ඇති කිරීමට අගරදගුරු හිමිපාණන් ගෙන යන වැඩපිළිවෙලට තම පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බවයි ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම එහිදී ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වතුකරයේ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කර ඇති බව සදහන්.
COMMENTS