දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අදානි, කැබිනට්එක නම්මන් ලබන සතියේ මන්නාරමෙත් වැඩක් අරඹයි!
Homeප්‍රවෘත්ති

අදානි, කැබිනට්එක නම්මන් ලබන සතියේ මන්නාරමෙත් වැඩක් අරඹයි!

PropellerAds

ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් මත මෙගාවොට් 1000 ක යෝධ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම එකඟත්වය පළ කර ඇති අතර එ...

සජබය පළමු තීන්දුව ගනී! මන්ත්‍රී කණ්ඩායමෙන් ෆවුසි දොට්ට!
ලංකාව දැන් හෘදය සාක්ෂියක් නැති ජනතාවක් ජීවත්වන රටක් බවට පත්වෙමින් තිබෙනවා! නීතියක් නෑ! හැමතැනම නීති කඩනවා! තමන්ට ඕන ඕන දේවල් කරනවා! - කාදිනල් හිමියන් ලංකාවට වෙලා තියෙන දේ කියයි (VIDEO)
අරගල නායක රැට්ටා මෝඩයෙක්… අරගලය පැතුම් කර්නර්ගේ ජොබ් එකක්!
ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් මත මෙගාවොට් 1000 ක යෝධ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම එකඟත්වය පළ කර ඇති අතර එම ව්‍යාපෘතියට අදාළ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම ආයෝජනය මෙරටට ලබා ගන්නේ ශ්‍රී ලංකා විදුලි (සංශෝධන) පනතට ප්‍රරකාරවය.

2030 වසර වන මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පරිසරයට හිතකාමී සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන අතර ඒ අනුව සුළං සූර්ය සහ එල්. එන්. ජී. (ස්වභාවික ද්‍රව වායු) බලාගාර සඳහා ප්‍රමුඛත්වය දීමට පියවර ගෙන තිබේ.

මන්නාරම ප්‍රදේශයේ පවතින සුළං මගින් මෙවැනි විශාල සුළං බලාගාර ව්‍යාපෘතියක් ක්‍රිරයාත්මක කිරීමට ශ්‍රී ලංකාවට මුදල් නොමැති නිසා මේ ආකාරයට විදේශ ආයෝජන මත බලාගාර ඉදිකිරීමේ වරදක් නොමැති බවත් අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී එම බලාගාරවල මෙහෙයුම් කටයුතුවල අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතුවිය යුතු බවත් ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට මෙරට විදුලි ඉල්ලූම සපුරා ගැනීම සඳහා වියදම් අධික ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසා ලංවිම රුපියල් කෝටි 90,000 ක පමණ පාඩුවක් ලබා සිටින බැවින් අඩු වියදම් සහිත බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍ය බව ද ඔවුහු කියා සිටිති.

ඞීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 25, 30 වැනි මුදලක් වැය වන අතර සුළං බලාගාරයකින් විදුලි ඒකකයක් රුපියල් 15 කට පමණ නිපදවාගත හැකි බව ද ඉංජිනේරුවෝ සඳහන් කරති.

වැඩි මිල ගණන්වලට විදුලි ඒකක මිලදී ගෙන ඊට වඩා අඩු මිලකට පාරිභෝගිකයින් වෙත විදුලිය විකිණීමට සිදුව තිබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන අතර 2030 වනවිට පුනර්ජනනීය ප්‍රභවයන් මගින් සියයට 70 ක් විදුලිය ලබාගත හැකි නම් එමගින් වාර්ෂිකව රටට රුපියල් කෝටි 500 ක් ඉතිරි වන බවට ගණන් බලා තිබේ.

ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන අතර මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය ද එම සමාගමට ලබාදීමට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

(දිවයින)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අදානි, කැබිනට්එක නම්මන් ලබන සතියේ මන්නාරමෙත් වැඩක් අරඹයි!
අදානි, කැබිනට්එක නම්මන් ලබන සතියේ මන්නාරමෙත් වැඩක් අරඹයි!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhaR-YRQ4GxOyNDWJVR2znBywuKUB4W55pD1HLw53RGI-KrPpRikE_mDcOPJLlreYypCyQcMcQEV7vA2WzpW-h5DrL1xP0aQ9rmeYkaAIHZez5kjG-EypOylQ5-YcuNBNPh9isiN3L3wjdNZKcoNkqEDVvLiQqcLrd3ndlOboAIKgHpIl-NzLpZbXBn-Q=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhaR-YRQ4GxOyNDWJVR2znBywuKUB4W55pD1HLw53RGI-KrPpRikE_mDcOPJLlreYypCyQcMcQEV7vA2WzpW-h5DrL1xP0aQ9rmeYkaAIHZez5kjG-EypOylQ5-YcuNBNPh9isiN3L3wjdNZKcoNkqEDVvLiQqcLrd3ndlOboAIKgHpIl-NzLpZbXBn-Q=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy