පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණාවරණය ව්‍යාපෘතිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු කිහිපදෙනෙක් ක...
ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ සුරක්ෂා රක්ෂණය ප්‍රතිරක්ෂණය කිරීමේදී එම රක්ෂණ සමාගමේ 20%ක කොමිස් මුදලක් ඇමතිවරයා ඇතුළු පිරිසක් විසින් බෙදා හදාගෙන ඇති බවයි.
මෙරට පාසැල් ළමුන් ලක්ෂ 45ක් සිටින බවත් ප්‍රතිරක්ෂණය කරමින් රක්ෂණ ආවරණ ලබාදීමට එම සිසු සිසුවියන් එකවර රෝගාබාධ හෝ අසනීප වලට ලක් නොවන බවද පවසන මන්ත්‍රීවරයා ප‍්‍රතිරක්‍ෂණය කිරීමෙන් සිදු කරන්නේ වංචනිකව මුදල් උපයා ගැනීමට මාර්ග සකස් කරගැනීම බවද කියා සිටියේය.
සුරක්ෂා රක්ෂණාවරණ ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
-lankacnews
COMMENTS