ආගමික ප්‍රචාරයන් හරහා සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බවත් එවැනි ප්‍රකාශ මුහුණ පොත හරහ...
ආගමික ප්‍රචාරයන් හරහා සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බවත් එවැනි ප්‍රකාශ මුහුණ පොත හරහා ප්‍රචාරය කරන පුද්ගයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) මන්නාරම ප්‍රදේශයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
මන්නාරම සිලාවතුර, මුසලි ප්‍රදේශයේ සිංහල ධීවර පවුල් පදිංචි කිරීම පිළිබඳව ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ සිංහල, මුස්ලිම් හා දමිල ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් කිසිවෙකුටවත් රජය අසාධාරණයක් නොකරන බවත්ය.
COMMENTS