මෑ තකදී වයඹ පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් විනාශයට පත්වූ දේපළවලට සාධාරණ තක්සේරුවක් කර ...
මෑතකදී වයඹ පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් විනාශයට පත්වූ දේපළවලට සාධාරණ තක්සේරුවක් කර ඒ සඳහා වහාම වන්දි ලබා දෙන්නැයි මුස්ලිම් දේශපාලඥයන් විසින් රජයෙන් ඉල්ලා සිටීමට යයි. එම ප්‍රහාරවලින් මුස්ලිම් ගම්මාන කිහිපයක නිවාස 250ක්, කඩ සාප්පු 200ක්, වාහන 50ක් පමණ විනාශ වී ඇතැයි දැනට හෙළි වී ඇතැයිද ඔවුහු කියා සිටිති.
අලාබය සිදුව ඇති අයට දේශපාලන භේදයකින් තොරව සාධාරණ වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද පවසන ඔවුන් ඉතා සුළු පිරිසක් කල වැරදිවලට මුළු රටටම වන්දි ගෙවීමට සිදුව ඇතැයිද පෙන්වා දෙති.
අන්තවාදීන් විසින් සිදු කරන වැරදි වලට සමස්ත ජනතාව වගකිව යුතු නැති බවත් එනිසා නීතිය අතට ගෙන ක්‍රියා කිරීමේ ආදීනව කොයි කවුරුත් තේරුම් ගතයුතුව ඇතැයිද මුස්ලීම් මන්ත්‍රීවරුන් කියා සිටිති.

COMMENTS