මෙ රට සිට සිරියාවට ගොස් IS ත්‍රස්තවාදීන්ට එකතු වූ කණ්ඩායමේ කිහිප දෙනකු ශ්‍රී ලංකාවට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත්...
මෙරට සිට සිරියාවට ගොස් IS ත්‍රස්තවාදීන්ට එකතු වූ කණ්ඩායමේ කිහිප දෙනකු ශ්‍රී ලංකාවට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග එකගතාවකට පැමිණ ඇත්තේ ඉකුත් 2017 වසරේදී බව බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ.
ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී කල්ලි නායක මොහොමඞ් සහරාන් හෂීම් ඇතුළු පිරිස හා SI කණ්ඩායම අතර මෙම එකගතාව ඇතිවී තිබෙන්නේ බියගම මල්වාන ප්‍රදේශයේ ස්ථානයකදී බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
මෙම එකගතාවෙන් අනතුරුව සහරාන් හෂීම් ඉතාම රහසිගතව සැගවී සිටිමින්, ආරක්‍ෂක අංශවලින් බේරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ආරක්‍ෂිත උපක්‍රම සහිත පොත්පත් පරිශීලනය කරමින් ඒ අනුව ක්‍රියාත්මක වන අතරේ ප්‍රහාරය සැලසුම් කර තිබෙන බවද අනාවරණය වී ඇත.
එසේ සැගව සිටි කාලය තුළ සහරාන් හෂීම් අඩුම තරමේ වැරදීමකින් හෝ ජංගම දුරකථනයක් භාවිත කර නැති බවද බුද්ධි අංශ සඳහන් කරයි.
මේ අතර මුලින්ම ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් IS ත්‍රස්තවාදීන්ට එක්ව සිටියදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය මොහොමඞ් මුහුසීන් සර්ෆාස් නිලාම් හෙවත් අබු සිලානිගේ බිරිඳ මෑතකදී සිරියාවේදී මරණයට පත්ව තිබෙන බවද බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.
ඇය මියයෑමෙන් පසු ඇගේ දරුවන් මේ වන විට සිරියානු අනාථ කඳවුරක සිටින බවද හෙළිකරගෙන තිබේ.
(දිවයින)

COMMENTS