අ විස්සාවේල්ල පුවක්පිටිය මහා විද්‍යාලයට අනුයුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකුට සහ ගුරුවරයෙකුට බස්නාහිර පලාත් ආන්ඩුකාර අසාද් සා...
අවිස්සාවේල්ල පුවක්පිටිය මහා විද්‍යාලයට අනුයුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකුට සහ ගුරුවරයෙකුට බස්නාහිර පලාත් ආන්ඩුකාර අසාද් සාලි ගේ නියෝගයකට අනුව හදසියේම වෙනත් පාසල් සදහා මාරු වීම් ලබා දීම නිසාවෙන් තම දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පවසමින් එම විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිටදී නිහිඩ විරෝධතාවයක නිරතවී තිබෙනවා.
ඉකුත් පාස්කු දින එල්ල වූ ප්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සදහා ආරම්භ වූ ඉකුත් 6 වෙනිදා එම පාසලට අනුයුක්තව රාජකාරියේ සිටි මුස්ලිම් ජාතික ගුරුවරුන් සම්පූර්නයෙන්ම ශරීරය වැසෙන සේ ඇදුම් හැඳ පාසලට පැමිණීම සම්බන්ධයෙන් එලෙස ඇදුම් ඇඳීමෙන් වැ)කඑතකී දින කිහිපයකට හෝ ආරක්ෂ අංශවල කටයුතුවලට පහසු වෙන ආකාරයේ ඇදුමකින් සැරසී පැමිණෙන ලෙස පාසලේ විදුහල්පතිවරයා එදින අදාල ගුරුවරුන්ට දැනුම්දීමක් කල ද අදාල ගුරුවරුන් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර ඇති බවද එම දෙමාපියන් පවසනවා.
එදින පාසලට පැමිණි මුස්ලිම් ජාතික ගුරුවරුන් 13 දෙනා පරීක්ෂා කිරීම සදහා අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් නිළදාරිනියට හො ්පාසලේ කිසිවෙකුට අවස්ථාව ලබා නොදිම නිසාවෙන් එම ගුරුවරුන්ට පාසලට ඇතුලත් වීමට අවස්ථාව ලබා නොදිමට තමන් කටයුතු කල බවත් මෙම අවස්ථාවේ හැටියට ආරක්ෂක කටයුතු සදහා පහසුවක් වෙන ආකාරයෙන් ඇදුමක් පැලඳ පාසලේ ඉගෙන්වීම් කටයුතු සදහා සහභාගී වෙන ලෙස ඉල්ලා සිටිය ද එම සියළු දෙනා පාසලට
පැමිණීම ප්‍රතික්ෂේප කර පිටත්ව ගිය බවද විරෝධතායේ යෙදුනු දෙමාපියෝ පවසනවා.
පසුව අදාල ගුරුවරුන් පිරිස බස්නාහිර පලාත් ආන්ඩුකාර අසාද් සාලි මුන ගැසී මේ පිළිබඳව දන්වා සිටිමෙන් පසු පැය කිහිපයක් ඇතුලත අදාල ගුරුවරුන් 13 දෙනාම වෙනත් පාසල්වලට මාරු කර යවා ඇති බැවින් තම පාසලේ ඉගෙනුම ලබන 850 ක් වූ දරු පිරිස දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින් මේ පිළිබඳව අදාල බළධාරීන්ගේ අවධානය යොමු කොට වහා තම
දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ලබා දීමට පියවර ගන්නා ලෙස ද විරෝධතාකරුවන්ඉල්ලා සිටිති
චම්පා ජීවන්ති

COMMENTS