දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංගමයේ ලොක්කෝ කෝටි ගණනක වංචාවක – විමර්ශන වාර්තා යට ගසයි
Homeප්‍රවෘත්ති

ලංගමයේ ලොක්කෝ කෝටි ගණනක වංචාවක – විමර්ශන වාර්තා යට ගසයි

PropellerAds

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් උසස් නිලධාරීන් සම්බන්ධ වී  සිදුකර ඇතැයි පවසන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවන් පිළිබද සිදු කළ විමර්ශන වාර...

වෛද්‍ය සභාවට හොරු පනී! ෆයිල් රැසක් අතුරුදන්!!
"බය නැත්තං කොන්ද පණ තියනවානම් මේ ඇත්ත අහගනිල්ලා" - හරීන්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් - (video)
වරාය නගරය ගැන විජේදාස කියන්නේ පට්ටපල් බොරු…. රතු අලි පැටව් රටට එරෙහිව බටහිරට කඩේ යනවා – අමාත්‍ය විමල් වීරවංශ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් උසස් නිලධාරීන් සම්බන්ධ වී  සිදුකර ඇතැයි පවසන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවන් පිළිබද සිදු කළ විමර්ශන වාර්තා වගකිවයුතු බලධාරීන් විසින් යට ගසා ඇතැයි සේවකයෝ චෝදනා කරනවා. 
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් හෙළිකර ගත් කරුණු අනුව සහ ලබා දුන් උපදෙස් අනුව ඒ පිළිබඳ ගමනාගමන මණ්ඩලයේ විමර්ශන නිලධාරීන් විමර්ශන පවත්වා මාස 3කට අධික කාලයක් ගත වී ඇතත් ඊට සම්බන්ධ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි සේවකයෝ සඳහන් කරනවා.

ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වූ බව කියන ඉස්ටිල් ඉම්ප්‍රේක්ස් සමාගම සම්බන්ධ ලිපිගොනුව, නොගැලපෙන අමතර කොටස් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 65 ක මුදල් වංචාව, ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍ර යන්ත්‍ර මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් කෝටි 5ක පමණ වංචාව, පරිගණක 800 ක් හා ලැප්ටොප්  74  මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් කෝටි 10ක මුදල් වංචාව, බස් රථ වලට ජි.පි.එස් යන්ත්‍ර 125 ක් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන කෝටි 3 ක පමණ මුදල් වංචාව මෙන්ම තවත් වංචා කීපයක් සම්බන්ධයෙන් එම විමර්ශන සිදු කෙරුණා.

තවද පොක්ලිෆ් ගෙන්වීමේදී  සිදු වූ බව කියන අක්‍රමිකතා තාවය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට එහි ලිපි ගොනුව සොයා බැලීමේදී එම ලිපි ගොනුව මේ වන විට අස්ථානගත වී ඇතැයි දැනගන්නට ලැබුණු බව සේවකයෝ පවසනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය කළමනාකාර,ගණකාධිකාරී,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කාර්මික),ප්‍රධාන සම්පාදක කළමනාකරු,නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ( මුදල්) , ප්‍රධාන මුදල් කළමනාකාර , තොරතුරු තාක්ෂණ කළමනාකාර ප්‍රධාන නීති නිලධාරීයාට එම චෝදනා එල්ල වු බව ඔවුන් පවසනවා.

එම චෝදනා එල්ල වූ තොරතුරු තාක්ෂණ කළමනාකාරවරයා,  නියෝජ්‍ය සාමාන්‍යධිකාරී( කාර්මික) සහ ප්‍රධාන සම්පාදක කළමනාකරු පමණක් එම තනතුරුවලින්  ඉවත් කර ඇති අතර  අනෙකුත් නිලධාරීන්  මේ වන විටත් එම තනතුරු වල කටයුතු කරන බවට දැනගන්නට තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

කොන්දොස්තරවරයෙකු ගෙන් හෝ රියදුරෙකුගෙන් කිසියම් වරදක් සිදු වූවොත් ඔවුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාමාර්ග ගෙන වැඩ තහනම් කිරීමට පියවර ගන්නා සභාපතිවරයා කෝටි ගණන් මහජන මුදල් වංචා කිරීම් වලට සම්බන්ධ උසස් නිලධාරීන් ආරක්ෂා කරමින් කල් මැරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව සේවකයෝ වැඩිදුරටත් චෝදනා කරනවා.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රත්නායක මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසුවා,

“ඉස්ටිල් ඉම්ප්‍රෙක්ස්  සමාගම සම්බන්ධව විමර්ශන  මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරනවා. ඒ වගේම ජි.පි.එස් යන්ත්‍ර සම්බන්ධයෙන් විමර්ශන ලිපිගොනුව තවම ලැබුණේ නැහැ. අනෙකුත් විමර්ශන වාර්තා අභ්‍යන්තර නීතිය අංශය වෙත යොමු කර තිබෙනවා. එහි ලැබෙන  වාර්තා අනුව ඉදිරි පියවරයන් ගැනීමට කටයුතු කරනවා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගමයේ ලොක්කෝ කෝටි ගණනක වංචාවක – විමර්ශන වාර්තා යට ගසයි
ලංගමයේ ලොක්කෝ කෝටි ගණනක වංචාවක – විමර්ශන වාර්තා යට ගසයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUyPmehNGiuCDTxENF7oBuu8MBqR5cr3b4DHj8Hacr-utvfb7ZvLx2kgsqqsnpBdEe7Ts-jDVV8HZpZjaEn8bP86mraTRuXOtj8bF_cmkVCUb-6zULsYhFqEv3b1J_iGGaAI-fUnzYpgpnzEIE2Ca3Zg0INNZUV7ofnx06m-4AfXEXpGwowXEfl8yyFA/s320/sltb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUyPmehNGiuCDTxENF7oBuu8MBqR5cr3b4DHj8Hacr-utvfb7ZvLx2kgsqqsnpBdEe7Ts-jDVV8HZpZjaEn8bP86mraTRuXOtj8bF_cmkVCUb-6zULsYhFqEv3b1J_iGGaAI-fUnzYpgpnzEIE2Ca3Zg0INNZUV7ofnx06m-4AfXEXpGwowXEfl8yyFA/s72-c/sltb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy