යු ද්දය අවසන් වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්දය පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය සහ භූමිය මේ දින වල එලිපෙ...
යුද්දය අවසන් වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්දය පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය සහ භූමිය මේ දින වල එලිපෙහෙලි කරමින් සූදානම් කර සිටිති.
එලඹෙන මැයි 18 වනදා උදෑසන 10.30ට වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය ඉදිරිපිටදී යුද්දය නිමා වී වසර 10 ක් පිරීම හා අවසන් යුද්දයේදී මිය ගිය ජනතාව සිහිපත් කොට ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැමණවීම සිදු කිරීමට සියල්ල සූදානම් කිරීමට ප්‍රදේශවාසී ජනතාව හා ආගමික නායයකයින් විසින් පියවර ගෙන ඇත.
මේ වන විට උතුරු පලාත් සභාවක් නොමැති අතර පසුගිය වසරේ උතුරු පලාත් සභාව පැවති හෙයින් මුල්ලිවයික්කාල් යුද සැමරුමේ පූර්ණ සංවිධාන කටයුතු උතුරු පලාත් සභාව හා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් සිදු කළ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූවේ එවකට උතුරු මහඇමතිව සිටි සී.වී.විග්නේශ්වරන් මහතාය.
කෙසේ වෙතත් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් මෙවර දේශපාලන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් සියලු දෙනාට ආරාධානා කර සිටින බවටද මුල්ලි වයික්කාල් ස්මාර්ක භූමිය සකසන ප්‍රදේශවාසීන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS