ත‍්‍ර ස්තවාදී ප‍්‍රහාරයක් සිදුවන බවට හරින් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ පියා දැන සිටියදීත් ඔහු එවැන්නක් පිළිබඳව ආරක්‍ෂක අංශ දැනුවත් නොකිරීම සම...
ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් සිදුවන බවට හරින් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ පියා දැන සිටියදීත් ඔහු එවැන්නක් පිළිබඳව ආරක්‍ෂක අංශ දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා ලෙසට තමන් ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටින බව අනුරාධපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
පෙරේදා (21 වැනිදා) රටේ ස්ථාන කීපයකදී ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී ප‍්‍රහාර කීපයක් ඇතිවුණේ රජයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අමාත්‍ය මණ්ඩලයේ කඹ ඇදිල්ල නිසයි. රජය සම්පූර්ණයෙන්ම මෙයට වගකිව යුතුයි. ක‍්‍රිස්තියානි පල්ලියට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් තියෙනවා කියල ආරංචියක් තිබෙන බව රෝහල් ගතවී සිටි තම පියා තමාට පැවසූ බවත්, ඒ අනුව තමන් පල්ලියට නොගිය බවත් ඒ නිසා තමාගේ ජීවිතය බේරුණු බවත් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර තිබෙනවා.
ඔහුට එවැනි දෙයක් දැන ගැනීමට ලැබුණා නම් රජයේ අමාත්‍යවරයෙක් හැටියට ඔහු කළ යුතුව තිබුණේ ඒ බව වහාම රටේ ජනාධිපතිවරයාට, අග‍්‍රාමාත්‍යවරයාට සහ ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන්ට දැනුම් දීමයි. ඔහු ඒ කිසිවක් නොකර නිකම් බබෙක් වගේ කියනවා තම පියා පල්ලියට යන්න එපා කී නිසා තමන්ගේ ජීවිතේ බේරුණා කියල. අහිංසක කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා උදේ දේව මෙහෙයට සහභාගීවී සිටි අවස්ථාවේ බෝම්බ ප‍්‍රහාරවලට ලක්වී විශාල පිරිසක් මියගිය අවස්ථාවේ හරින් ප‍්‍රනාන්දු ඇමැතිවරයා වගකීම් රහිත ප‍්‍රකාශයක් කිරීම ඉතාමත් නින්දිතයි ලැජ්ජයි!
පෙරේදා සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව වෙනත් පැත්තකට ඇඟිල්ල දිගු කිරීමටයි ඇමැතිවරයා මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරන්නේ. විධායකය පොලිසිය ඇතුළු සියලූම ආරක්‍ෂක අංශ භාරව සිටින්නේ කවුද කියල අපි හැමදෙනා හොඳටම දන්නව. එතැනින් මේ දුර්වල තත්ත්වය ඇතිවුණා කියල කියන්නයි මේ උත්සාහ කරන්නේ. මේ සිදුවීම් මාලාවේ වගකීම ආණ්ඩුව කරන සියලූ දෙනා භාරගත යුතුයි. මින් කිසිවෙකුටත් මඟහරින්න බෑ.
ඒ වගේම කිතුනු දේවස්ථානවලට ප‍්‍රහාරයක් එල්ල වන බවට හරින් ප‍්‍රනාන්දු ඇමැතිවරයාගේ පියා කලින් දැන සිටියා නම් එවැනි තොරතුරක් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ආරක්‍ෂක අංශ විසින් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගත යුතුයි. රාජ්‍ය බුද්ධි අංශයේ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයලාල් දසනායක මහතා විසින් නිකුත් කළ ලිපියක් මගේ ආරක්‍ෂාවට සිටින සැරයන්වරයකුටත් එවා තියෙනවා. එතකොට රටේ අගමැතිවරයාගේ ප‍්‍රභූ ආරක්‍ෂක අංශයට ඔය කියන ලිපිය ලැබිල නැද්ද? මේ කාරණයත් සමග විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින ගැටුම ඉතාම ප‍්‍රභලව ඉස්මතු වෙනවා.
දෙකට තුනට බෙදිල තියෙන ආණ්ඩුවකට රටක් පාලනය කරන්න බැහැ. මේ තුළින් දඬුවම් විඳින්නෙ මේ රටේ අහිංසක ජනතාව. ඒ නිසා රටේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් එහාට මෙහාට ඇඟිල්ල දිගු නොකර මේ රටේ පාලනය වෙනස් කොට මහමැතිවරණයක් මගින් රට පාලනය කළ හැකි සුදුසු පිරිසකට රට භාරදීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
දිවයින

COMMENTS