එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පට්ට දූෂිතම හොරා ඇමති සහ රවී කරුණානායක බව එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී විජිත ප්‍රියන්ත මහතා පවසයි. ...
රවී කරුණානායක මහතා අර්ජුන් මහේන්ද්‍ර සමඟ එක්වී මහ දවාලේ මහ බැංකුව කොල්ලකෑ බවත්, ගුවන් සමාගම විකුණා දැමූ බවත්, රටම අඳුරේ තැබූ බවත් ඔහු චෝදනා කරයි.
සජිත් ප්‍රේමදාස මහතාට බනින රවී කරුණානායක මහතා ගමකට ගියොත් හතර වටෙන් ගුටි කන්න හැකි යයිද ඔහු කියා සිටියේය.
රවි කරුණානායක මහතාගේ වත්කම් උපයාගත් ආකාරය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ බිරිඳ සිටියේ නම් නිසි ලෙස සොයා ගත හැකි බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS