කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කැළණි පාලම අසල කැළණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන මාර්ගය මේ මස 10 වනදා සිට වසා තැබීමට තීරණය කර...
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කැළණි පාලම අසල කැළණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන මාර්ගය මේ මස 10 වනදා සිට වසා තැබීමට තීරණය කර ඇත.
යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙලෙස එම මාර්ගය වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මෙහිදී භාවිත කළ යුතු විකල්ප මාර්ගද, මාර්ග සංවර්ධන අධිකාරිය නම් කර ඇති අතර ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගයේ සිට කැලණිය සහ පෑලියගොඩ දෙසට පිවිසීම සඳහා පෑලියගොඩ හුවමාරුව භාවිත කර කොළඹ - නුවර මාර්ගයට පිවිසිය හැකිය.
එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ සිට වත්තල සහ පෑලියගොඩ දෙසට පිටවීම් සඳහා පෑලියගොඩ හුවමාරුව භාවිත කර කොළඹ - මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.
එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ සිට වත්තල සහ පෑලියගොඩ දෙසට පිටවීම් සඳහා පෑලියගොඩ හුවමාරුව භාවිත කර කොළඹ - මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.
එසේම කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහනවලට සුපුරුදු පරිදි ගමන් කළ හැකි බවද මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.
COMMENTS