දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

PropellerAds

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවට තොරතුරු ශී‍්‍ර ලංකා පොලිසියේ බුද්ධි ...

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියට පුද්ගලයෙකු කොටු - කපුවාගේ ජීප් රථයත් අත්අඩංගුවට
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කේබල් රූපවාහිනී සේවා ගැන TRC සභාපතිට ලිපියක්
පරිපාලන නිලධාරීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්! පරිපාලන නිලධාරීන් හෙට ලෙඩ වෙයි
මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවට තොරතුරු ශී‍්‍ර ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ලැබී ඇත. 

ඩුබායි රාජ්‍යයේ සිටින මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගයන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වනවිට එය කි‍්‍රයාවට නංවා ඇති බව ද වාර්තා වේ.

මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පුද්ගලයන් 20 දෙනෙක් පමණ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ අල් රෆා පොලිසියේ රඳවා සිටිති. ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රති විරුද්ධ පාතාල කල්ලි තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කර ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ද එරටින් ලැබෙන වාර්තා පවසයි. 

මාකඳුරේ මධුෂ් කෙසේ හෝ උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාවට නොපැමිණ වෙනත් රටකට පලා යෑමට බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා ඩුබායි පොලිසියෙන් මුදා හැරීමෙන් පසු හොර රහසේම මාලදිවයිනට පලා යෑමට උත්සාහ කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අවධානයකින් සිටීම නිසා මෙම පාතාල නායකයා ඇතුළු සගයන් සිවු දෙනකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඩුබායි පොලිසිය භාරයේ සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එකම අවස්ථාවකවත් මුදා නොහැර ඔවුන් වරින් වර නිදහස් කරන්නේ මධුෂ්ට රටින් පලා යෑමට ඉඩකඩ සලසා දීමට දැයි සැකයක් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මධුෂ් හොර රහසේම පලා යෑමට සැළසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු මොහු කෙසේ හෝ අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමේ කාර්යය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කිරීමට ද පොලිස්්පතිවරයා කටයුතු කර තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්
මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්
http://am.lk/media/k2/items/cache/e4ddc8b727dd1cfa92beeb05ce77d0d9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy