රජයේ සියලු පරිපාලන නිලධාරීන් හෙට(14) දිනයේ අනිවාර්ය ලෙඩ නිවාඩු ගන්නා බව රජයේ පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහනද සිල්වා මහතා පවසයි. පරිපාලන ස...
රජයේ සියලු පරිපාලන නිලධාරීන් හෙට(14) දිනයේ අනිවාර්ය ලෙඩ නිවාඩු ගන්නා බව රජයේ පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහනද සිල්වා මහතා පවසයි.
පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා දීමට මේවන තෙක් කටයුතු කර නොමැති බවත් ඒ හේතුවෙන් හෙට දිනයේ මෙම ක්‍රියා මාර්ගය ගන්නා බවත් අද(13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසී ය.
ඒ අනුව හෙට දිනයේදී රජයේ අමාත්‍යාංශ - දෙපාර්තමේන්තු පරිපාලන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවත් ඒ හේතුවෙන් හෙට දිනයේ රජයේ සියලු ආයතනවල සිදුකෙරෙන පරිපාලන නිලධාරීන්ගේ සේවා ඉටු කර ගැනීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
හෙට දිනයේදී සියළුම පරිපාලන සේවා නිලධාරීන් පරිපාලන අමාත්‍යංශයට කැඳවා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව ලේකම්වරයා පැවසී ය.
මහජන දිනය පැවැත්වෙන බදාදා දිනයකයේදී මෙම ක්‍රියාමාර්ගය නොගන්නා බවත් එලෙස නොකිරීමට හේතුව බදාදා දිනයේදී ජනතාව අසීරුතාවයට පත්වන නිසා බවත් රෝහනද සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS